රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇත.
මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් තැනැත්තියකි.
1979 සහන නිවේදිකාවක්ව ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයට බැඳුණු ඇය වාර්තාගත ලෙසින් තෙවරක් අඛණ්ඩව වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති ප්‍රකාශිකාව ලෙසින් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන ලබා තිබෙන නිවේදිකාවකි.
ඉකුත් 2019 වසරේ චිත්‍රා කුමාරි කළුබෝවිල සුවඳ පද්ම රජත සම්මානයද හිමි කරගත්තාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.




