The Leader News
BREAKING
Top Ad
පුවත්

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට

T

The Leader Desk

November 18, 2025 • 10:01 AM

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මුල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මුල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එමෙන්ම, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුව විසින් ද එම සිනමා උද්‍යානයේ උපයෝගිතාව වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවන ලෙස නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30 ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ පුද්ගලික ආයෝජනයක් මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් තරගකාරී සහ විනිවිද භාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට | The Leader