The Leader News
BREAKING
Top Ad
පුවත්

මහින්දගේ ඡන්ම දිනයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම්

T

The Leader Desk

November 18, 2025 • 10:23 AM

මහින්දගේ ඡන්ම දිනයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ හේතුවෙන් ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් අද (18) හිටපු ජනපතිවරයාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට ගොස් තිබුණා.
  • මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ඔවුන් දෙදෙනා අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් හෘදයාංගම ස්තුතිය පළ කරන බවයි.
  • එම මුහුණු පොතේ සඳහන් වූ සටහන මෙසේයි.
  • “අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා විසින් මාගේ ජන්ම දිනය උදෙසා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන්ගේ සුබ පැතුම් පිරිනමන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හේතුවෙන් ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් අද (18) හිටපු ජනපතිවරයාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට ගොස් තිබුණා.

ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ සුබපැතුම් පිරිනැමීම සඳහායි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ඔවුන් දෙදෙනා අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් හෘදයාංගම ස්තුතිය පළ කරන බවයි.

 

585900743 1370729064419285 6392499384148520571 n
එම මුහුණු පොතේ සඳහන් වූ සටහන මෙසේයි.

“අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා විසින් මාගේ ජන්ම දිනය උදෙසා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන්ගේ සුබ පැතුම් පිරිනමන ලදී.

මෙහිදී රාජ්‍යතාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.”
mr bdhr76

රනිල්ගෙන් මහින්දට දුරකථන ඇමතුමක්

මේ අතර අද උදෑසන සිටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දේශපාලනඥයන් රැසක්ම දුරකථනයෙන් සුබ පතා ඇති බව වාර්තා වේ.

ඒ අතර හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහද වේ.

ඔහුද මහින්ද රාජපක්ෂට සුබ පතමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද දුරකථනයෙන් කෙටි අදහස් හුවමාරුවක නිරත වී ඇති බව වාර්තාවේ.

මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට ද අද දින සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...