පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න ගේ අත්සනින් යුතුව ලිපියක් අදාළ මන්ත්‍රීවරයා වෙත නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව අද (18) පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ / හෝ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
පක්ෂය විසින් දැනුම්දී තිබූ තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් වන අතර, මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවන බව අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබේ.

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය මාලිමාවට
පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සිදුකෙරුණි.
ඒ, ජාතික ජන බලවේගය විසිනි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට හැකිවුණේ නොමැත.
එහිදි වත්මන් ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගය ආසන 23ක් දිනාගැනීමට සමත් වූ අතර විපක්ෂයේ සෙසු පක්ෂ සියල්ල අතර ආසන 24ක් බෙදීගොස් තිබුණි.
ඒ අනුව සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් ජුනි මස 17 වනදා පළමු රැස්වීම කැඳවූ නමුත් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ රැස්වීම කල් තැබුණි.
අනතුරුව පසුගිය ජුලි 15 වනදා සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා යළි සභාව කැඳවූවද, එහිදී ද තෝරාපත් ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හමුවේ යළිත් සභාව කල් තැබුණි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වී මාස 06ක් ගතවී ඇතත් තවමත් බලය පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශිය සභාව අද පෙරවරුවේ යළි රැස්වූණි.
එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බැලුනු අතර ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ කළේය.
එහිදි විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගියේය.
පසුව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදි සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න පත්වුණි.
එහිදි ඔහු ඡන්ද 23ක් ලබාගැනීමට සමත් වූ අතර රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළකළ සර්වජන බලය සභිකයා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.