The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

T

The Leader Desk

November 19, 2025 • 3:47 AM

වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මහඔය සහ පදියතලාව නගර වලදී ඉකුත් නොවැම්බර් 13 සහ 14 දෙදින තුල ආරම්භ කිරීම මගින් ප්‍රදේශයේ ළමා සුරැකුම් ගැටළුවලට විසදුම් ලබා දෙනු ඇත.
  • මහඔය හා පදියතලාව ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙන්ම වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද එකවුහ.
  • ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය (CWW) එක්ව ECCD අධ්‍යාපනඥයින්ගේ සත්කාර සමුපකාර සංගමය මේ සඳහා මැදිහත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


 ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ  මහඔය සහ පදියතලාව නගර වලදී  ඉකුත් නොවැම්බර් 13 සහ 14 දෙදින තුල ආරම්භ කිරීම මගින් ප්‍රදේශයේ ළමා සුරැකුම් ගැටළුවලට විසදුම් ලබා දෙනු ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය  (CWW) එක්ව ECCD අධ්‍යාපනඥයින්ගේ සත්කාර සමුපකාර සංගමය මේ සඳහා මැදිහත්වේ.

මහඔය හා පදියතලාව ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  මෙන්ම වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද එකවුහ.

``මෙම මධ්‍යස්ථාන මගින්  ග්‍රාමීය දරුවන්ගේ  මුල් ළමාවිය සංවර්ධනය සහ කාන්තාවන් ආර්ථිකව  සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරනවා, ඔවුන්ට අවශ්‍ය ළමාරක්ෂක සේවා සැපයීම මගින්  කාන්තාවන්ට වැඩි වැඩ කොටසක්  කිරීමට ඉඩ ලැබෙනවා.``යැයි වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපතිනිය හා ජාතික කම්කරු කොංග්‍රසයේ [NWC] ප්‍රධාන ලේකම් අමාලි කළුපහන මෙහිදී  සඳහන් කළාය.

එම සංවිධානය මගින්  දෙහිඅත්තකණ්ඩිය හා මඩකළපුව නගරයේ තවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

 lama 1
lama 2

lama3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...