ජනාධිපතිවරයා මේ බව කීවේ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පක්ෂයේ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැති හමුවකදීය.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.
උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ.
එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම් , ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





