The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් සභා ක්‍රමය නැවත සමාලෝචනය කළ යුතුයි - පා.ම. ෆයිසර් මුස්තාපා

T

The Leader Desk

November 19, 2025 • 5:18 PM

පළාත් සභා ක්‍රමය නැවත සමාලෝචනය කළ යුතුයි - පා.ම. ෆයිසර් මුස්තාපා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් දැයි සොයා බැලිය යුතු බව පවසන මන්ත්‍රීවරයා, පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදු නොවිය යුතු බවත් අවධාරණය කර සිටියි.
  • රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍යවරයකු වූ ඔහු පාර්ලිමේන්තුවේදී අද (19) එබව කියා සිටියේ, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමිනි.
  • පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට ද ඔහු චෝදනා කර සිටියේය.
  • "අවුරුදු 11කට අපි පළාත් සභා ඡන්දය පවත්වලා නැහැ," යනුවෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, පළාත් සභා ක්‍රමයේ ඓතිහාසික පසුබිම ඉන්දු-ලංකා ගිවිසුම බවත්, එය ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වා දුන් බවත් සිහිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් දැයි සොයා බැලිය යුතු බව පවසන මන්ත්‍රීවරයා,  පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදු නොවිය යුතු බවත් අවධාරණය කර සිටියි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍යවරයකු වූ ඔහු පාර්ලිමේන්තුවේදී අද (19) එබව කියා සිටියේ, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට ද ඔහු චෝදනා කර සිටියේය.

 "අවුරුදු 11කට අපි පළාත් සභා ඡන්දය පවත්වලා නැහැ," යනුවෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, පළාත් සභා ක්‍රමයේ ඓතිහාසික පසුබිම ඉන්දු-ලංකා ගිවිසුම බවත්, එය ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වා දුන් බවත් සිහිපත් කළේය.

ප්‍රමාදයට හේතු වූ සීමා නිර්ණ වාර්තාවේ පරාජය

මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ රජයන් තමන් වෙත චෝදනා එල්ල කළ බව පැවසූ මුස්තාපා මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමයේදී නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නේය.

නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට සීමා නිර්ණ වාර්තාවක් අනිවාර්ය වූ අතර, එම වාර්තාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් පරාජයට පත් වූ බව හෙතෙම සඳහන් කළේය.


'''කොට්ඨාෂ බෙදීමේදී විශාල අඩුපාඩු තියනවා. ඒව හදන්න නම් සීමා නිර්ණය මගින් පනතක් සම්මත කරගන්න ඕන. මාස දෙකක කාර්යයකට දැන් අවුරුදු 11ක් අරන් තියනවා. හැම ජනාධිපති කෙනෙක්ම විවිධ හේතු නිසා පළාත් සභා ඡන්දය කල් දැම්මත් ඒකට මාව චූදිතයා කරන්න තමයි ගොඩක් අය ලෑස්ති වෙලා හිටියේ. සුළු ජාතීන් සහ සුළු පක්ෂ ආරක්ෂා කරන්න නම් ප්‍රතික්ෂේප වුණු සීමා නිර්ණය සමාලෝචන කමිටුවකින් නැවත සලකා බලලා පළාත් සභා ඡන්දය පවත්වන්න ඕන.''


ඉඩම් හා පොලිස් බලතල ?

අප සියලුදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෞරව කළ යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට දීල තිබුණත් එක එක හේතු නිසා ඒවා ලැබෙන්නෙ නෑ. බලය ලබා දෙනවා නම් ලබා දිය යුතුයි. නැතිනම් නිසි සංශෝධනවලින් ඉවත් කළ යුතුයි. එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන අගෞරවයක්.. '' යයි ද  පැවසිය.

මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''පළාත් පාලන ආයතන තව තවත් ශක්තිමත් කළ යුතුයි''

''අපි ගමේ ආණ්ඩුව වුණු පළාත් පාලන ආයතන තව තවත් ශක්තිමත් කරන්න ඕන''

'' 1978 සමානුපාතික ඡන්ද ක්‍රමය දූෂිත මනාප ක්‍රමයක්. දිස්ත්‍රික්ක වටේ සල්ලි බෙදලා මුදලාලිවරුන්ගෙන් පාර්ලිමේන්තුව බිහි කරා. ඒ නිසා උගත් බුද්ධිමත් අයට පාර්ලිමේන්තු වරම් නැති වුණා.''

''කථානායකතුමාට තියෙන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පවත්වලා ප්‍රතික්ෂේප වුණු සීමා නිර්ණය සලකා බලලා ඒක ජනාධිපතිතුමාට බාර දෙන එක. ඉන් පස්සේ පළාත් සභා ඡන්දය පවත්වන්න ඕන.''

''අපට මෙම පළාත් සභා ඡන්දය පැවැත්වීමට දැන් තියෙන්නේ සමාලෝචන කමිටුවක් පත් කරලා ප්‍රතික්ෂේප වුණු සීමා නිර්ණය හදලා ඉස්සරහට යන එක මිසක් පස්සට යන එක නෙවෙයි.''

සුළු ජාතීන්ගේ නියෝජනය ...

මන්ත්‍රීවරයා තම ඡන්දය භාවිත කළ ආකාරය සාධාරණීකරණය කරමින් අවධාරණය කළේ, සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයාම ලිඛිතව දැනුම් දී තිබුණේ එම වාර්තාවෙන් සුළු ජාතීන්ගේ සහ සුළු පක්ෂවල නියෝජනයට අසාධාරණයක් වන බවයි.

"ඒ පනතට අනුව මගේ වගකීම ජනාධිපති විසින් පත් කළ කොමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. මන්ත්‍රීවරයෙක් හැටියට මටත් වරමක් තියෙනවා එක්කෝ ඡන්දය දෙන්න, එක්කෝ විරුද්ධ වෙන්න," යැයි පවසමින්, තමන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වූයේ එම අසාධාරණය බව පෙන්වා දුන්නේය.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ විධායක බලය අහෝසිකළ යුතුයි

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ විධායක බලය අහෝසිකළ යුතු බවටද මන්ත්‍රීවරයා යෝජනා කර සිටියේය.

''පළාත් පාලන ආයතනවල ටෙන්ඩර් බෝඩ්වල වාඩිවෙන්නේ නගරාධිපති හෝ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු. පළාත් පාලන ආයතනවල සෘජු විධායක බලය නගරාධිපතිට හෝ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරුන්ට ලැබීම නැතිවෙන විදියට කටයුතු කරා නම් මේ රටේ දූෂණය නාස්තිය නැති කරන්න පුළුවන්.

''නාස්තිය දුෂණය අඩු කරන්න ඩිජිටල්කරණය සහ වැඩිපුර කාන්තා නියෝජනයක් අවශ්‍යයි''  

''ගමේ ආණ්ඩුව වුණු පළාත් පාලන ආයතනවලින් ඩිජිටල්කරණය ආරම්භ කරන්න පුළුවන් නම් දූෂණයට විරුද්ධව ලොකු සටනක් අපට ගෙනියන්න පුළුවන්.'' යයි ද මන්ත්‍රීවරයා පැවසිය.

''අපි මේ රටේ පළවෙනි කාන්තා නායකයා බිහි කරේ අපි කියලා අපි ආඩම්බර වෙනවා. නමුත් එතැනින් පස්සේ කාන්තාවන් දේශපාලනයට ඇතුළත් වීමේ වරම අඩුයි.''

''මම මේ සභාවේ ඉදිරිපත් කළ සංශෝධන නිසා පළාත් පාලන ආයතනවලින් 25%ක් කාන්තා නියෝජනය සිදුවුණු නිසා දැන් කාන්තාවන් දේශපාලන භූමිකාවට ඇතුළත් වෙමින් තියනවා.''


ලැජ්ජා බය නාඩිය කියන එක පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට තියනවා. දූෂණයට විරුද්ධ සටනේදී අපට පුළුවන් තරම් කාන්තාවන් දේශපාලන භූමිකාවට ඇතුළත් කරන්න පුළුවන් නම් අපට විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්.


වීදි සුනඛයන්ට විසඳුමක් අවශ්‍යයි

ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා විදි සුනඛයින් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්විය.

''වීදි සුනඛයන්ට විසඳුමක් අප සොයා ගත යුතුයි. නමුත් මේ රට බහුතර සිංහල බෞද්ධ රටක්. වීදි සුනඛයන් මරන එක නෙවෙයි විය යුත්තේ'' යයි ඔහු අවධාරණය කර සිටියේය.



 

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ - අමාත්‍ය චන්දන අබේරත්න

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පැවසුයේ, නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා."

රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය සම්මතයි

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ සම්මත විය.

වැය ශීර්ෂයේ ශීර්ෂ 130 සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103 ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 09ක් පමණියි.

ඒ අනුව එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 94කින් සම්මත විය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...