නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තුවේ දි කළ අදහස් දැක්වීමේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
විදේශ රැකියා ආයතන කෝටි ගණන් මුදල් වංචා කරලා
''අද වන විට අස්වැසුම වැඩසටහනින් දුප්පත්කම තුරන් කරන්න බැහැ. රජයට ඇති විකල්පය වන්නේ ජවිපේ පක්ෂ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් වන ප්‍රජා ශක්ති කමිටු පමණයි. මේ වන විට රටේ දුප්පත්කම 50%ට ආසන්නයි. මේ අස්වැසුමෙන් නම් දුප්පත්කම තුරන් කරන්න බැහැ. ඒ සඳහා නිෂ්පාදනය, ඉතිරිකිරීම, අපනයන පාරිභෝජනය අපනයනය තිබිය යුතු යි. ඒත් විදේශ රැකියා ආයතන කෝටි ගණන් මුදල් වංචා කරද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරබාගෙන ඉන්නවා
රෙන්බෝ ආයතනයට විරුද්ධව නඩු පැවරුවා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි මහරගම රේන්බෝ ආයතනය රුමේනියා රැකියා දෙනවා කියා දෙනකුගෙන් 850000 සිට 1850000 දක්වා මුදල් 500 ගෙන කෝටි 74ක් පමණ වංචා කර කර තිබෙනවා. මොවුන්ට අද උසාවියේ නඩු පැවරුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් පියවර ගනු ලැබුවත් අද වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය තවමත් පියවරක් ගෙන නැහැ. මොවුන් නඩුවාර ගණනාවකට පැමිණ නැහැ. සමගි ජන බලවේගය වින්දිතයින්ටන්ට නොමිලේ නීති සහාය ලබා දුන්නා.
නිර්ධන පන්තියේ මාලිමා ආණ්ඩුව යන්නෙ නව ලිබරල්වාදී ගමනක
මෙරට ඇති පාරම්පරික කර්මාන්ත ගම්මානවල නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළක් සමග සම්බන්ධ කරන වැඩපිළිවෙළකට සහයෝගය ලබා දිය යුතුයි. කුඩා පරිමාණයේ පාරම්පරික සම්ප්‍රදානුකූල කර්මාන්ත කරන නිපුණතාව ඇති මොවුන්ගේ නිෂ්පාදන විදේශ වෙළෙදපොළට ගෙන යා යුතු යි. 2028 ණය ගෙවන්න ඇති නිසා සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත්ද කියා මෙන්ම අපනයන ප්‍රමාණවත්ද කියා සොයා බැලිය යුතු යි. 2022 රටේ ඇති වූ තත්ත්වය නැවත සිදුවීම වැළැක්විය යුතු යි. සෑම ක්ෂේත්‍රයක්ම බල ගන්වා ආර්ථිකය වර්ධනය ඉහළ යන විට මැක්රෝ ලින්ක් බොන්ඩ් එක හරහා විශාල බලපෑමක් වනවා. ආර්ථිකය වර්ධනය වන විට ණය කපා හැරීම අඩු වෙනවා. මෙය වැරදි අයි.එම්.එෆ් ගිවිසුමක්. නව ලිබරල්වාදී ආණ්ඩුවේ ගමන නිර්ධන පන්තියේ ආණ්ඩුව යනවා.''




