The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●
Top Ad
පුවත්

ආණ්ඩුව, ආයෝජකයින් සඳහා වැදගත් කැඳවීමක් විවෘත කර තිබෙනවා - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

T

The Leader Desk

November 21, 2025 • 4:17 PM

 ආණ්ඩුව, ආයෝජකයින් සඳහා වැදගත් කැඳවීමක් විවෘත කර තිබෙනවා - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවර්ධන අමාත්‍යාංශය වර්තමානයේ ආයෝජකයින් සඳහා වැදගත් කැඳවීමක් විවෘත කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාං සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී ය.
  • වසර 2030 වන විට අපි ඩොලර් බිලියන 30 ක අපනයන ආදායමක් අත්කර ගැනීමට ඉලක්ක කර තියනවා.
  • F ගෝලීය ආයෝජන, F දේශීය සහභාගීත්වය සහ F විශ්වාසදායක තොරතුරු යනාදිය කර්මාන්තයේ සහ ව්‍යවසායකත්වයේ සමෘද්ධිය ලඟා කරන කුළලුණු තුන වනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවර්ධන අමාත්‍යාංශය වර්තමානයේ ආයෝජකයින් සඳහා වැදගත් කැඳවීමක් විවෘත කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාං සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී ය.

මතු පළ වන්නේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව යි.

ගරු කථානායකතුමනි, මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි

පාර්ලිමේන්තු කමිටුවේ ගරු සභාපතිතුමනි...

අපි, රට පුරා පොරොන්දු වූ කර්මාන්ත වර්ධනයට සහ නිෂ්පාදනයට සහාය වීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වර්තමානයේ ආයෝජකයින් සඳහා වැදගත් කැඳවීමක් විවෘත කර තියනවා.  වසර 2030 වන විට අපි ඩොලර් බිලියන 30 ක අපනයන ආදායමක් අත්කර ගැනීමට ඉලක්ක කර තියනවා. එය ආර්ථික ශක්තියේ සහ ස්වයං විශ්වාසයේ නව යුගයක් සනිටුහන් කරන සන්ධිස්ථානයක්..

 කෙසේ වෙතත්, මෙම නව ආයෝජන බස්නාහිර පළාතට පමණක් සීමා නොවිය යුතුයි.  ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශ දක්වා ප්‍රජාවන් බලගන්වමින් ඒවා අපේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ළඟා විය යුතුයි..

F ගෝලීය ආයෝජන,
F දේශීය සහභාගීත්වය සහ
F විශ්වාසදායක තොරතුරු යනාදිය කර්මාන්තයේ සහ ව්‍යවසායකත්වයේ සමෘද්ධිය ලඟා කරන කුළලුණු තුන වනු ඇති..


ව්‍යවසායකයින්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ සැලැස්මක්

සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාවන්හි තරුණ ව්‍යවසායකයින්ට නිර්මාණශීලීත්වයේ හෝ අභිලාෂයේ අඩුවක් නොමැති බව අභියෝගයට වඩා විසඳුමේ කොටසක් වීමට උත්සාහ කරන කෙනෙකු ලෙස මම සියැසින් දැකගත්තා. එම තරුණ තරුණියන්ගේ අදහස් දීප්තිමත් , ඔවුන්ගේ දැක්ම නිර්භීත යි , ඔවුන්ගේ අධිෂ්ඨානය කැපී පෙනෙනසුලු යි . වෙළඳපළ, ආයෝජකයින්, තොරතුරු සහ ගෝලීය ජාල බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන බැවින් ඔවුන් හට ඒවා වෙත ප්‍රවේශය බාධාකාරී වී තියනවා.

වරප්‍රසාද නොලත් තරුණයින්ට සහ බලාපොරොත්තු සහගත ව්‍යවසායකයින්ට ඉංග්‍රීසි උගන්වන විට අප හුදෙක් ව්‍යාකරණ හෝ වචන මාලාව ඉගැන්වීමට පමණක් සීමා නොවෙමු.. අපි ඔවුන්හට දොරටු විවෘත කරන්නෙමු. අපි ඔවුන්හට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට, දේශසීමා හරහා සම්බන්ධ වීමට, ගිවිසුම් පිළිබඳ අවබෝධ කරගැනීමට, ජාත්‍යන්තර අරමුදල් වෙත ප්‍රවේශ වීමට සහ ඔවුන්ගේ සාර්ථක අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනීමට විශ්වාසය ලබා දෙන්නෙමු.

මෙය මානව විභවය සඳහා වන ආයෝජනයකි

තිරසාර ශාකසාර සහ ඖෂධීය ශාක වගාවේ හෝ දේශීය ආභරණ කර්මාන්තය පිලිබඳ නව්‍ය අදහසක් සහිත ග්‍රාමීය ගම්මානයක තරුණ ව්‍යවසායකයෙකු ගැන සිතන්න. ඉංග්‍රීසි ප්‍රවීණතාවයෙන්, එම පුද්ගලයාට ජාත්‍යන්තර වැඩමුළුවලට සහභාගී විය හැකියි..ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකියි.. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන ලෝකයට අලෙවි කළ හැකියි..

 තව ද මෙය  පුණ්‍ය කටයුත්තක් නොවන බව මම අවධාරණය කරනවා.  එය මානව විභවය සඳහා වන ආයෝජනයක්..  අපි ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යවසායකයින් බලගන්වන විට, අපි දේශීය ආර්ථිකයන් ශක්තිමත් කරමු, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කරමු, සහ ගෝලීය වේදිකාවේ විශ්වාසයෙන් තරඟ කළ හැකි සහ සහයෝගයෙන් කටයුතු කළ හැකි නව පරම්පරාවේ නායකයින් පෝෂණය කරමු.

මේ මොහොතේ, අපගේ ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් මම නිහතමානීව ඉල්ලා සිටින්නේ, තරුණයින්ට ඉංග්‍රීසි ඉගෙනීමට පෙළඹවීමක් ඇති කරන ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය ක්‍රියාත්මක වන ලෙසයි. විශේෂයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල දැඩි ආශාවකින් හා අරමුණකින් පෙළෙන අය වෙනුවෙන් එය අත්‍යවශ්‍යයි.

ගරු මන්ත්‍රීවරුනි,

මමත් දශක පහකට පෙර අධ්‍යාපන පද්ධතියකින් පැමිණිය ද, එහි දී මට ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගැනීමට සහ ප්‍රගුණ කිරීමට වරප්‍රසාද ලැබුනේ නැහැ.. මෙම අරගලය සමච්චලයට ලක් කරනවා වෙනුවට, අපි විසඳුමේ කොටසක් වෙමු. කරුණාකර මට සවන් දෙන්න, කෙනෙකුගේ අරගලය සමච්චලයට ලක් කරනවා වෙනුවට, අපි විසඳුමේ කොටසක් වෙමු. භාෂාවක් පමණක් නොව ජීවන මාර්ගයක් ඉගැන්වීමට අද අපි කැප වෙමු. අපගේ තරුණ ව්‍යවසායකයින්ට වචන පමණක් නොව අවස්ථා පිරි ලෝකයක් ලබා දීමට අපි කැපවෙමු.

බොහොම ස්තූතියි...!"

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...