The Leader News
BREAKING
Top Ad
පුවත්

විනිසුරු පත්වීම් මාරුවීම් සහ සේවයෙන් පහ කිරීම් ගැන සොයන්න මැති සභා කාරක සභාවක් ඉල්ලයි .!

T

The Leader Desk

November 22, 2025 • 4:11 AM

විනිසුරු පත්වීම් මාරුවීම් සහ සේවයෙන් පහ කිරීම් ගැන සොයන්න මැති සභා කාරක සභාවක් ඉල්ලයි .!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් 31 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය 21 වැනිදා කතානායකවරයාට භාර දුන්නේය.
  • යට කී කාලයේ සිදු කරන ලද විනිසුරුවරුන්ට අදාළ විනය ක්‍රියාමාර්ග විනිවිද භාවයෙන් සිදුකර තිබේදැයි විමර්ශනය කළ යුතු බව එම යෝජනාවේ සඳහන්ය.
  • එම කරුණු විමර්ශනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිස් දෙනෙකුට නොවැඩී පිරිසකගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස මේ යෝජනාව මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විනය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් 31 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය 21 වැනිදා කතානායකවරයාට භාර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ගේ මූලිකත්වයෙන් සකස් කරන ලද මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල ජේෂ්ඨයන් අත්සන් කර ඇත.

යට කී කාලයේ සිදු කරන ලද විනිසුරුවරුන්ට අදාළ විනය ක්‍රියාමාර්ග විනිවිද භාවයෙන්  සිදුකර තිබේදැයි විමර්ශනය කළ යුතු බව එම යෝජනාවේ සඳහන්ය.

එම කරුණු විමර්ශනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිස් දෙනෙකුට නොවැඩී පිරිසකගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස මේ යෝජනාව මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

යෝජනාව කතානායකවරයාට භාර දුන් අවස්ථාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රමුඛ විපක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු ගණනාවක්ම එක්වුහ.

yojanawa 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...