සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවාහ උත්සවය පැවැත්වෙන අතර, ජීවන් තොණ්ඩමන් ගේ අත ගත් මනමාලිය වුයේ තමිල්නාඩුවේ තිරුපත්තූර් ප්‍රදේශයේ පදිංචි සීතෙයි ශ්‍රී නාච්චියාර් මෙනෙවියයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයන්, ඉන්දියාවේ දේශපාලඥයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම විවාහ උත්සවය සඳහා එක්ව සිටිති.
( lankadeepa)







