The Leader News
BREAKING
Top Ad
පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

T

The Leader Desk

November 24, 2025 • 6:00 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.
  • විශේෂයෙන්ම, විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම්-ඉගැන්වීම් පරිසරයක් ගොඩනැඟීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රවලට අමෙරිකානු සහාය අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.
  • ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන: ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගත් එක්සත් ජනපද රජයේ මෙම ප්‍රමුඛ වැඩසටහන මගින් රටවල් 160කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය, ඉගැන්වීම්, පර්යේෂණ සහ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසයි.
  • තානාපතිනිය අවධාරණය කළේ මෙම වැඩසටහන දෙරට අතර අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

විශේෂයෙන්ම, විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම්-ඉගැන්වීම් පරිසරයක් ගොඩනැඟීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රවලට අමෙරිකානු සහාය අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය. එසේම, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

තානාපතිනි ජූලි ජියුන් චං විසින් දෙරට අතර පවතින ප්‍රධාන සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර සිටියාය.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන: ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගත් එක්සත් ජනපද රජයේ මෙම ප්‍රමුඛ වැඩසටහන මගින් රටවල් 160කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය, ඉගැන්වීම්, පර්යේෂණ සහ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසයි. තානාපතිනිය අවධාරණය කළේ මෙම වැඩසටහන දෙරට අතර අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවයි.

සාම බලකා (Peace Corps) වැඩසටහන: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන මෙම අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරි මෙනකා නයියාර් , ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පැට්‍රික් මැක්නමාරා; සහ මහාචාර්ය ප්‍රභා මනුරත්න (ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය, SGBV සහ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ) ඇතුළත් විය. ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ ඇතුළු දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

HA 9q83y4t3

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...