The Leader News
BREAKING
Top Ad
පුවත්

කොළඹ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද...?

T

The Leader Desk

November 24, 2025 • 3:48 PM

කොළඹ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ ඒ ඝාතනවලට වගකිව යුත්තේ කවුද යන කාරණා පිළිබඳ ඉක්මනින් ම පිළිතුරු අවශ්‍ය යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නුවන් බෝපගේ පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ වරාය පරිච්ඡේදයෙන් හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ජන අරගල සන්ධානය අද (24) අධිකරණ අමාත්‍යංශයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
  • නමුත් මැතිවරණ අවසන් වුනාට පස්සේ නැවත ඒ ගැන කතාබහක් ඇති වෙන්නෙ නැහැ.
  • ඒ වගේම 71 සහ 88 - 89 කාලේ ජනතාවට එරෙහිව දැවැන්ත රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ඒ ඝාතනවලට වගකිව යුත්තේ කවුද යන කාරණා පිළිබඳ ඉක්මනින් ම පිළිතුරු අවශ්‍ය යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නුවන් බෝපගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ වරාය පරිච්ඡේදයෙන් හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ජන අරගල සන්ධානය අද (24) අධිකරණ අමාත්‍යංශයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් බෝපගේ...

මෙම තොරතුරු හෙළිදරව් කරගත යුත්තේ ඇයි...?

"කොළඹ වරාය පරිශ්‍රයේ සිදුකරපු කැණීම්වල දී සමූහ මිනීවළක සාධක හමුවෙලා තියනවා. අපි අද ජන අරගල සන්ධානය විදිහට අධිකරණ අමාත්‍යංශයට ආවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් විමසා බලන්න. අපි දන්නවා මැතිවරණ කාලෙට මේ වගේ සමූහ මිනීවලවල් ගැන, අතුරුදන් වූවන් ගැන මැතිවරණ වේදිකා දෙවනත් වෙනකල් කතාවෙනවා. නමුත් මැතිවරණ අවසන් වුනාට පස්සේ නැවත ඒ ගැන කතාබහක් ඇති වෙන්නෙ නැහැ. ඒවට අදාළ ක්‍රියාමාර්ගයක් ගැනෙන්නෙත් නැහැ.

ලංකාව කියන්නේ දශක තුනකට වැඩි යුද්ධයක් තිබුණු රටක්. ඒ වගේම 71 සහ 88 - 89 කාලේ ජනතාවට එරෙහිව දැවැන්ත රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වුණා. පසුගිය කාලෙ පුරාවටම පැහැරගැනීම්, ඝාතන, අතුරදන් කිරීම් විශාල ප්‍රමාණයක් වෙලා තියනවා. උතුරේ විතරක් අතුරදන් වීම් සම්බන්ධ පැමිණිලි 12,000කට වැඩියි. අන්න ඒ නිසයි මේ කොළඹ වරාය අසල සමූහ මිනීවළ ගැන තොරතුරු හෙළිදරව් කරගත යුත්තේ.

ඝාතනයට ලක් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි

මේ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද, ඔවුන්ව ඝාතනය වුණේ කොහොම ද සහ ඒ ඝාතනවලට වගකියන්න ඕන කවුද කියන කාරණාවලට අපිට ඉක්මනින් උත්තර අවශ්‍යයි. මේ ඝාතන සහ අපරාධ පොළොවට පස්වෙලා යන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. මොකද මේ මැරිලා ඉන්නේ අපේම මිනිස්සු. ඒ නිසා ඔවුන්ට අනිවාරෙන් යුක්තිය ඉටුවෙන්න ඕන.

ජනතාවට ඇත්ත හෙළිදරව් කරන්න

විශේෂයෙන් ම මේ ආණ්ඩුවටත් බරපතළ වගකීමක් තියනවා මේවා ගැන හොයලා බලන්න. මොකද 71 සහ 88 - 89 කාලේ ජනතාවිමුක්ති පෙරමුණේ සහෝදරවරු විශාල ප්‍රමාණයක් අතුරුදන් වුණා සහ ඝාතනය වුණා. ඒ සහෝදරවරුන්ගේ ඝාතනවලට වගකිවයුතු අය තවමත් නිදැල්ලේ ඉන්නවා. අපිට බරපතළ සැකයක් තියනවා මේ කොළඹ වරාය ආශ්‍රිත සමූහ මිනිවළ ඒ යුගයට සම්බන්ධ අපරාධවල සාක්ෂි ද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියනවා වහාම මේ ගැන පුළුල් විමර්ශනයක් කරලා රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන්න කියලා."

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...