The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කරන්න අපිට වුවමනා නැහැ - එස් .එම්.මරික්කාර්

T

The Leader Desk

November 25, 2025 • 4:15 AM

රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කරන්න අපිට වුවමනා නැහැ - එස් .එම්.මරික්කාර් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ එස් .එම්.මරික්කාර්.
  • දී අයවැයෙන් වෙන් කරලා තිබුන මුදල් පිළිබඳව බලද්දී ඉස්සර අමාත්‍යංශ දෙකක් දැන් අමාත්‍යාංශ තුනක් බවට පත්වෙලා තිබෙනවා.
  • ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් මිලියන 489230ක් වෙන් කරලා තිබුණා නමුත්, 240805 ක් , 43% ක් තමයි වැඩ කෙරිලා තිබුණේ. මේ අවුරුද්දේ එම අමාත්‍යංශයට වෙන් කරලා තියෙනවා පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් විදිහට රුපියල් 446000 ක්.
  • මොකද අපි විපක්ෂය වුණාට, මේවා කඩාකප්පල් වෙන්න ඕන ඒ හරහා බලය ලබාගන්න පුළුවන් වෙන්න ඕන කියන කාලකන්නි ආසාව අපිට නැහැ නැහැ. අකාර්යක්ෂම නිලධාරීන් එළවා දමන්න නිවාස නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යාංශයට 2025 වසරේ දී රුපියල් මිලියන 104535 ක් වෙන්වෙලා තිබුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ එස් .එම්.මරික්කාර්...

2024 වසරෙ අමාත්‍යංශ දෙක දැන් තුනක් වෙලා

''අයවැයක් කියන්නේ නොම්බර පෙන්වීමේ ඉලක්කයක් නෙමෙයි. ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදු කරන කාර්යයක්. අද දිනයේ කතා කරන මාතෘකා තුන ම යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව තමයි තියෙන්නේ. යටිතල  පහසුකම් සංවර්ධනය පිළිබඳව ඉලක්ක සපුරා ගැනීමට නම් කාර්යක්ෂමතාවය විනය සහ කැපවීම තිබිය යුතුයි. 2025 දී අයවැයෙන් වෙන් කරලා තිබුන මුදල් පිළිබඳව බලද්දී ඉස්සර අමාත්‍යංශ දෙකක් දැන් අමාත්‍යාංශ තුනක් බවට පත්වෙලා තිබෙනවා. ප්‍රවාහන මහා මාර්ග, වරාය  සහ ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් මිලියන 489230ක් වෙන් කරලා තිබුණා නමුත්, 240805 ක් , 43% ක් තමයි වැඩ කෙරිලා තිබුණේ. 

මේ අවුරුද්දේ එම අමාත්‍යංශයට වෙන් කරලා තියෙනවා පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් විදිහට රුපියල්  446000 ක්. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේවත් එම ඉලක්ක ටික සපුරා ගැනීම සඳහා කාර්යක්ෂමතාව විනය සහ කැපවීම එක්ක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි විපක්ෂය වුණාට, මේවා කඩාකප්පල් වෙන්න ඕන ඒ හරහා බලය ලබාගන්න පුළුවන් වෙන්න ඕන කියන කාලකන්නි ආසාව අපිට නැහැ නැහැ. 

අකාර්යක්ෂම නිලධාරීන් එළවා දමන්න

නිවාස නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යාංශයට 2025  වසරේ දී රුපියල් මිලියන  104535 ක් වෙන්වෙලා තිබුණේ. ඒකෙන්  මිලියන 36818ක්, ඒ කියන්නෙ 35% ක් තමයි ප්‍රගතිය වාර්තා වෙන්නෙ. මේ අවුරුද්දේ මිලියන 103500 ක් වෙන්වෙලා තියෙනවා. අමාත්‍යංශ දෙකකට කඩලා තියෙන නිසා මේ අවුරුද්දේ මේක 85% දක්වා ගෙනියන්න කියලා අපි යෝජනා කරනවා. මේ ආයතන අතරින් RDA එකේ performance  අරගෙන බැලුවොත් අධිවේගී මාර්ග සංවර්ධනයට වෙන්කරපු මිලියන 6100 න් 2400 ක්, 39%යි ප්‍රගතිය. අනිත් මාර්ග සංවර්ධනයට වෙනකල මුදලින් 79%ක් පාවිච්චි කරලා තිබෙනවා; සාපේක්ෂව හොඳයි. පාලම් ඉදිකිරීමේ ප්‍රගතිය 16% යි. 

මේ ආයතනවල වැඩ කිරීමේ දී නිලධාරීන්ට සානුකම්පිතව ඇහුම්කන් දීම වැදගත් වෙනවා. ඒ වගේම අකාර්යක්ෂම නිලධාරීන්  එළවා දැමීමත් අත්‍යවශ්‍ය වෙනවා. අද මේ වන විට RDA එකේ ඉංජිනේරුවරු තමයි අඩුම වැටුපක්  ලබන්නේ; බුද්ධි ගලනය සිදුවන්නේ. වෘත්තීය සමිතිය එවලා තියෙන ලියුමක් මම සභාගත කරනවා. මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව සානුකම්පිතව සලකා බලන්න කියලා. 

ආර්ථිකයක් ලාබ පවත්වන්නට අපෙන් යෝජනා

ආර්ථිකයක් ලාබ පවත්වන්නට නම් කාර්යක්ෂමතාව මෙන්ම ඒකාබද්ධ සැලැස්මක් මේ යටිතල පහසුකම්වලට තිබෙන්නට ඕන. ඒ නිසා ඉදිරියේ දී මේ අමාත්‍යාංශයට මෙම යෝජනා අපි ඉදිරිපත් කරනවා. 

අන්තර් පළාත් සහ අභ්‍යන්තර පළාත් සඳහා  නාගරික සහ අග නගර ප්‍රවාහන පහසුකම් සඳහා මාස්ටර් ප්ලෑන් එකක් ගේන්න කියලා අපි යෝජනා කරනවා. අධිවේගී මාර්ග අලුතින් ආරම්භ කරනවා වගේ ම දැනට තිබෙන මාර්ග පළල් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන්න,  බහුවිධ ප්‍රවාහන පද්ධති සකස් කිරීම, දුම්රියත් ඇතුළුව.

නිලධාරිනුත් හොරකම් කරනවා

අධිවේගී මාර්ග ඉදිකිරීමේ මුවාවෙන් පහුගිය කාලවලදී අපේ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගන්නේ නැතුව අධික පොලියට ණය අරගෙන මේවා සිදුකරලා තියෙනවා. රටක සංවර්ධනයට යටිතල පහසුකම් අත්‍යවශ්‍යය යි. නමුත් ගෙවන්න බැරි මට්ටමක ණය අරගෙන මේක කරන්න පුළුවන් ද කියන එක කල්පනා කරන්න ඕන. 

පෞද්ගලික ආයෝජකයින්ට ආරාධනා කරලා, රුවන්පුර අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, උතුර අධිවේගී මාර්ගය වෙන්න පුළුවන් දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, ඉඩම් අත්පත් කර ගැනීම ආණ්ඩුව විසින් සිදුකරලා, evaluation  එකක් කරලා ඉදිකිරිම් කටයුතු ආයෝජකයින්ට ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. උදාහරණයකට  සිංගප්පූරුවේ චැංගි එයාපෝට් එක පෞද්ගලික ආයෝජකයන් හැදුවේ. ප්‍රයෝජනය ප්‍රතිලාභය රටට. දේශපාලකයන් විතරක් නෙමෙයි නිලධාරීන් හොරකම් කරනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

දුම්රිය දෙපාර්තමේන්තුව ඇමතිවරයව අන්දනවා

රථවාහන තදබදය දිනපතා වැඩිවීම නිසා  දවසකට රුපියල් බිලියන 1.5 ක් පමණ නාස්ති වන බවට විශේෂඥයින් ගණන් බලා තිබෙනවා. එහෙම බලපුවහම අවුරුද්දකට රුපියල් බිලියන පන්සිය ගණනකට වඩා නාස්ති වෙනවා. දැන් අපි භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා පුරාජේරු කියනවා. වාහන 220000 ක් ගෙනල්ලා රුපියල් බිලියන 650 ක් පමණ අතිරේක ආදායමක් ලබලා තියෙනවා. මේක ඊගාව අවුරුද්දේ ලැබෙන්නේ නැහැ.   මොකද මේ කවර් කළේ අවුරුදු පහක ඇරියස් එකක්. අලුතෙන් ආපු  වාහනවලටයි, තියෙන වාහනවලටයි අවශ්‍ය පහසුකම් ටික යටිතල පහසුකම්වලින් සලසා දීල තියෙනව ද කියලා බලන්න වටිනවා. 

කොළඹ මෙට්‍රෝ පොලිටන් සීමාවට ඇතුළු වෙන කොරිඩෝ හත දියුණු කිරීම හරහා සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකියි. අපි රජයට යෝජනාවක් කරනවා යහපාලන ආණ්ඩුව සමයේ ආරම්භ කිරීමට යෝජනාවක් කරලා පසුව උද්ධච්ච ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ බලෙන් නතර කරපු ව්‍යාපෘති හතක් මම සඳහන් කරන්න කැමතියි. මාලබේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කැලණි වැලි දුම්රිය මාර්ගය, මේ දුම්රිය දෙපාර්තමේන්තුව කිසි දෙයක් කරන්නේ නැහැ ඔබතුමාව අන්දන්න හදනවාද කියලා මට පොඩි සැකයක් තිබෙනවා. පහුගිය  දවස්වල අපි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රගති සමාලෝචන රැස්වීමට ගෙනා වහාම,ප්‍රශ්න අහපුහාම මල්ලේ පොල් උත්තර දෙන්නේ. 

experiment කරලා කෙළව ගන්න ජනපති බයයි

ඊළඟට නව කැලණි පාලම හදද්දී ඒකෙ මාස්ටර් ප්ලෑන් එකේ තිබුණා ඒක ඔරුගොඩවත්තට ආවායින් පස්සේ එතන ඉඳලා රාජගිරිය HSBC බැංකුව ළඟටත් ගේන්න තිබුණ වැඩකටයුත්ත කෙරුණේ නැත්තේ හොරා කන්න තිබුණ උවමනාව ඉෂ්ට වුණේ නැති නිසා ද...? දැන් මේ ඉන්න ආණ්ඩුවත් ඇතුළුව MCC ගිවිසුමට විරෝධතා දක්වලා, හම්බවෙන්න තිබුන ඩොලර් මිලියන 500 නැවතුණා. ඒක එදා ලැබුණා නම් කොළඹ නගරයේ තිබෙන traffic junction  332ක් දියුණු කරන්න තිබුණා. ඒක එදා ආරම්භ කළා නම් අද මේ වෙනකොට ඉවරයි. 

අද මේ කොළඹ තියෙන රථ වාහන තදබදයට යම්කිසි විසඳුමක් ලැබෙන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. එදා විපක්ෂය ඉඳිද්දී විරුද්ධ වුණ ගොඩක් දේවල් අද ඔබතුමන්ලා කරනවා. ඒ නිසා මේ ගැනත් සලකා බලන්න. මොකද අයවැය ඉදිරිපත් කරද්දි අපි දැක්කේ ජේ. ආර්. ජයවර්ධනගේ මුනුබුරා ඇවිල්ලා අයවැය ඉදිරිපත් කරනවා වගේ. ගාමිණී දිසානායකලා ප්‍රේමදාසලා ලලිත් ඇතුළත් මුදලිලා අප්පුඩි ගහපු අයවැයක් වගේ දැක්කේ. අද ජනාධිපතිතුමාගේ උපන්දින නිසා මේක කියලත් බැහැ. නොකියත් බැහැ. ජනාධිපතිතුමාට විතරයි යන්තම් හරි සෙන්ස් එකක් තිබෙන්නේ තිබෙන්නේ. එනිසා එතුමා experiment කරලා කෙළව ගන්න බයයි. 

රාජගිරිය ඉදලා බුත්ගමුව පාර,  අබතලේ හන්දියේ සිට ග්‍රෑන්ඩ් පාස් දක්වා පාර,  තවමත් වැඩ ඉවර කරගන්න බැරුව ඉන්න ලෝලෙවල් පාර, දෙහිවල කොහුවල පාර,  මැද කොළඹ පාරවල් ටික, කොළඹ රථ වාහන තදබදය අඩු කිරීම සඳහා ඉතාම වැදගත් වන පාරවල්  බව මතක් කරන්න කැමති.

වතු නිවාස රී ලොකේෂන් කරන්න 

2018 වෙද්දී construction කියන field එක export  මට්ටමට ඇවිල්ල තිබුණොත් ඊට පස්සේ කඩා වැටුන එක තාම අපිට හරි විදිහට හදාගන්න බැරිවෙලා තියෙනවා. මේ කර්මාන්තයට විශේෂයෙන්ම අවශ්‍ය සිමෙන්තිවල මිල අඩු කරන්නට කටයුතු කළොත් හොඳයි කියන එක අවධාරණය කරනවා.  UDA එකට විශාල භූමිකාවක් තියෙනවා රටට ඩොලර් ආදායම ගෙනල්ලා ණය ගෙවන්නට අවශ්‍ය ඩොලර් උපයා ගැනීම සම්බන්ධව. උදාහරණයක් විදිහට කොළඹ 1-15 අතර පමණක් තිබෙනවා UDA  එකට අයිති අක්කර 800 ක් පමණ දළ වශයෙන්. අද මේ වෙනකනුත් ඒවා බෙදා වෙන්කරගෙන නැහැ රී ලොකේෂන්වලට කොච්චර ඕන ද, තමන් විසින් කරන ඉදිකිරීම්වලට කොච්චර ඕන ද, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට මොකද වෙන්නේ කියලා. ආර්ථිකයට ආයෝජන ගේන්න හොඳ තෝතැන්නක් මේක.  කොළඹ නගරයේ වතු නිවාස 53000 ක් පමණ තිබෙනවා. මේ වතු නිවාස රී ලොකේෂන් කිරීම අත්‍යවශ්‍යයි. 

කොළඹ නගරයේ ඉන්න මේ දුප්පත් වතු නිවාස මිනිස්සුන්ට ජීවන තත්ත්වය උසස් කිරීමට තමන්ටම කියලා නිවසක් අවශ්‍යයි. ලංකාවේ තමයි මේ කලාපයේ දෙවනියට ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අධික පිරිවැයක් තිබෙන්නේ. වර්ග මීටරයකට ඩොලර් 1250 පමණ වියදම් වෙනවා. එක පැත්තකින් රජයට ආදායම් ඕන වගේම අනිත් පැත්තෙන් ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා ආර්ථික වර්ධනයට බලපාන ප්‍රධාන කාරණයක් නිසා මේ පිළිබඳව සොයා බලන්න කියන එක කියන්න කැමතියි. කොළඹ හා තදාසන්න ජීවත් වන නාගරික වතු නිවාස වලට රුපියල් මිලියන 15000 ක් වෙන් කරලා තියෙනවා. ආරම්භයක් විදියට හොඳයි; නමුත් ප්‍රායෝගික නැහැ. 

ශ්‍රී ලංකන් එයාර්ලයින්: වාහන 20ට අඩුයි, සේවක පිරිස 6000යි

මේ අමාත්‍යාංශය ට තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එක අයිති වෙන්නේ. ලිබරල්වාදීන්ගේ මතයක් තිබෙනවා මේක රුපියලකට හරි විකුණන්ඩ ඕන කියලා. සමහර අයගේ මතයක් තියෙනවා රටට national carrier  එකක් ඕන නිසා මේක ගොඩගන්න ඕන කියලා.  මම පෞද්ගලිකව විකුණන එකට විරුද්ධයි. මේක පාඩු ලබන්න හේතු දෙකයි. එකක් ඒ කාලේ ගහපු කොමිස් වාරික තාම ගෙවන්න වෙලා තියෙනවා. අනිත් එක තමයි ණය re  structure කරලා, operation cost එක කරගෙන යන්න පුළුවන් වෙන්න ඉතුරු ටික භාණ්ඩාගාරයෙන් ගෙවන්න ඕන. අද මේ වනවිට CEO කෙනෙක් නැහැ. මේකට CEO  කෙනෙක් විතරක් නෙමෙයි, COO කෙනෙකුත් ඉන්න ඕන. 

ගුවන් යානා විස්සට අඩු ප්‍රමාණයක් තිබුණට සේවකයන් හයදාහක් විතර ඉන්නවා.ණය ප්‍රතිව්‍යුහගත කරන ගමන් අනිත් පැත්තෙන් වියදම් පාලනය කරන ක්‍ර්මවේදයක් හදන්නන ඕන. අන්තර් ආයතන අතර සම්බන්ධීකරණය කරන්න පුළුවන් රාමුවක් තියෙන්න ඕන. RDA හරි නගර සභාව හරි ඇවිල්ලා පාර හදල යනවා. ඊගාවට වෝටර් බෝඩ් එකෙන් ඇවිල්ල ආයෙ පාර හාරනවා. ඒ නිසා මාස්ටර් ප්ලෑන් එකක් ඇතුව මේවා සම්බන්ධීකරණය කිරීම සදහා  government body එකක් implement  කරන්න කියන යෝජනාව කරනවා.''


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...