The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ මහවිරු සතිය එළඹීමත් සමග උතුරුකරයේ සමරු සඳහා ජනතාව සහභාගිවෙමින් සිටිති

T

The Leader Desk

November 25, 2025 • 11:11 AM

දෙමළ මහවිරු සතිය එළඹීමත් සමග උතුරුකරයේ සමරු සඳහා ජනතාව සහභාගිවෙමින් සිටිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් දිස්ත්‍රික්කයේ පන්සියයකට අධික විමුක්ති කොටි සාමාජික සාමාජිකාවන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනයක් ලේ වැකි අවසන් සටන් පැවති පුදුකුඩියිරුප්පුවේ දී මහජන උපහාරය සඳහා විවෘත කර ඇත.
  • වසරේ නොවැම්බර් 27 සිට 2009 මැයි 18 දක්වා ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් පලක වල කොටා ඇති බව පවසන පළාත් බද වාර්තාකරුවන් සඳහන් කරන්නේ නාම පුවරු ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට යුද වින්දිත දෙමළ ජනයා හා දෙමළ ජනතා නියෝජිතයන් ද එක්ව සිටි බවයි.
  • මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව ද ඔවුහු වැඩි දුරටත් පවසති.
  • සටනින් මියගිය එකම පවුලේ තිදෙනකුගේ මාතාවක් විසින් මළවුන් වෙනුවෙන් කැපකළ පොදු සුසානය අසල දීපයක් දල්වා මල් කළඹක් තැබීමෙන් අනතුරුව ඥාතීන්, දෙමාපියන් සහ මහජනතාව විසින් මලින් පහනින් උපහාර පවත්වන ලද බව පළාත්බද මාධ්‍යවේදීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


මුලතිව් දිස්ත්‍රික්කයේ පන්සියයකට අධික විමුක්ති කොටි සාමාජික සාමාජිකාවන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනයක් ලේ වැකි අවසන් සටන් පැවති පුදුකුඩියිරුප්පුවේ දී මහජන උපහාරය සඳහා විවෘත කර ඇත.

උපවාසයේ යෙදී සිටියදී මිය ගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාසයියා පාර්තිපන් හෙවත් ත්‍යාගී තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය සමීපයේ නොවැම්බර් 21 වැනි සිකුරාදා පස්වරු හයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 26152 ගේ නම් ඇතුලත් පුවරු විවෘත කර තිබුනේ යුද පීඩිත දෙමළ පියකු විසිනි.

 

mahawiru 1

1982 වසරේ නොවැම්බර් 27 සිට 2009 මැයි 18 දක්වා ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් පලක වල කොටා ඇති බව පවසන පළාත් බද වාර්තාකරුවන් සඳහන් කරන්නේ නාම පුවරු ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට යුද වින්දිත දෙමළ ජනයා හා දෙමළ ජනතා නියෝජිතයන් ද එක්ව සිටි බවයි.

 

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව ද ඔවුහු වැඩි දුරටත් පවසති.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් එල්ටීටීඊ සංවිධානයට බැඳී මරණයට පත්වූ වීරයන් 529 දෙනකුගේ ඡායාරූප සහිත මණ්ඩපයක් දෙමළ මහවිරු සතිය නිමිත්තෙන් පුදුකුඩිඉරිප්පු බස් නැවතුම්පොළේ ඉදිකර තිබේ.

සටනින් මියගිය එකම පවුලේ තිදෙනකුගේ මාතාවක් විසින් මළවුන් වෙනුවෙන් කැපකළ පොදු සුසානය අසල දීපයක් දල්වා මල් කළඹක් තැබීමෙන් අනතුරුව ඥාතීන්, දෙමාපියන් සහ මහජනතාව විසින් මලින් පහනින් උපහාර පවත්වන ලද බව පළාත්බද මාධ්‍යවේදීහු පවසති.

දෙමළ මහවිරුවන් අනුස්මරණය කිරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දමා තිබේ.

හින්දු සංස්කෘතියේ කොටසක් වන මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ මහවිරු සතිය එළඹීමත් සමග උතුරුකරයේ සමරු සඳහා ජනතාව සහභාගිවෙමින් සිටිති | The Leader