The Leader News
BREAKING
Top Ad
පුවත්

කාර්ය මණ්ඩලය හිඟයි ! - ස්වාධීන අරමුදලක් නැහැ ! - තොරතුරු කොමිසම හරියට කරගන්න ආණ්ඩු සහාය දෙන්නේ නැහැ

T

The Leader Desk

November 25, 2025 • 3:29 PM

කාර්ය මණ්ඩලය හිඟයි ! - ස්වාධීන අරමුදලක් නැහැ ! - තොරතුරු කොමිසම හරියට කරගන්න ආණ්ඩු සහාය දෙන්නේ නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාර්ය මණ්ඩලය වැඩිකිරීමට රජයෙන් ප්‍රතිපාදන නොලැබීමත්, කොමිසමටම වෙන්වූ ස්වාධීන අරමුදලක් නොමැතිවීමත්, එය රජයේ අමාත්‍යාංශයක් යටතේ පවත්වාගෙන යාමත් නිසා, එම කොමිෂන් සභාවේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය පවත්වාගැනීම අසිරු වී ඇතැයි තොරතුරු දැනගැනීමේ කොමිසම කියයි.
  • කොමිෂන් සභාව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් කේඩීඑසස් රුවන්චන්ද්‍ර විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.
  • එමඟින් තොරතුරු කොමිෂන් සභාවේ මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය අඩපණ වන බව දිගින් දිගටම අවධාරණය කළද එය නොසලකා හැර ඇත.
  • එම කොමිසමේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට නම්, අමාත්‍යාංශයකට සම්බන්ධ නොකර කොමිසමටම වෙන්වූ ස්වාධීන අරමුදලක් තිබීම අවශ්‍ය වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කාර්ය මණ්ඩලය වැඩිකිරීමට රජයෙන් ප්‍රතිපාදන නොලැබීමත්, කොමිසමටම වෙන්වූ ස්වාධීන අරමුදලක් නොමැතිවීමත්, එය රජයේ අමාත්‍යාංශයක් යටතේ පවත්වාගෙන යාමත් නිසා, එම කොමිෂන් සභාවේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය පවත්වාගැනීම අසිරු වී ඇතැයි තොරතුරු දැනගැනීමේ කොමිසම කියයි.

කොමිෂන් සභාව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් කේඩීඑසස් රුවන්චන්ද්‍ර විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

තොරතුරු කොමිසම දැනට පවතින්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේය.

අභියාචනා සඳහා කොමිසම ඉදිරියට කැඳවෙන රාජ්‍ය ආයතන විෂයෙහි ස්වාධීනත්වය පවත්වාගැනීම කොමිසමට අවශ්‍යය. කොමිසමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේය. එමඟින් තොරතුරු කොමිෂන් සභාවේ මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය අඩපණ වන බව දිගින් දිගටම අවධාරණය කළද එය නොසලකා හැර ඇත. එම කොමිසමේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට නම්, අමාත්‍යාංශයකට සම්බන්ධ නොකර කොමිසමටම වෙන්වූ ස්වාධීන අරමුදලක් තිබීම අවශ්‍ය වෙයි.


කොමිසමට වෙන්වූ ස්වාධීන අරමුදලක් ජාතික අයවැයෙන් ඇතිකරන ලෙස 2017 සිට දීර්ඝකාලීනව කොමිසම විසින් විවිධ අනුප්‍රාප්තික රජයන්ගෙන් ඉල්ලනු ලැබූවත් එය මෙතෙක් ඉටුවී නැතැයිද කොමිසම කියයි.


ඒ අතර, සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතින අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කොමිසමට ඇත්තේ අවම කාර්ය මණ්ඩලයකි. එක් නීති නිලධාරියෙකු සහ නීති සහායකයින් දෙදෙනෙකුගෙන් (පසුව තිදෙනෙකු දක්වා වැඩි කරන ලදි) පමණක් කොමිසම සසමන්විතය.

තොරතුරු තාක්ෂණ සහායක වැනි මධ්‍යම මට්ටමේ තනතුරු බඳවා ගැනීම සඳහා අනුමැතිය ද ඇතුළුව අතිරේක නීති කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සඳහා වන ඉල්ලීම් දිගටම නොසලකා හැර ඇත.

කොමිෂන් සභාවේ කාර්යමණ්ඩල අවශ්‍යතාවන් ගැන මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමේදී, රේඛීය අමාත්‍යාංශය වන ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහාම කළ යුතුය. ඒ නිසා එම ඉල්ලීම් කිරීම එක් අවස්ථාවකදී මාස අටකින් පමණ වූ ප්‍රමාදයක් ද ඇතු`ඵව සමස්තයක් වශයෙන් පැහැදිලි කළ නොහැකි ලෙස ප්‍රමාද වී ඇතැයි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් කියයි.

උපුටා ගැනීම : anidda.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...