මහේෂ් සේනානායක පවසයි.
පසුගිය 21දා නුගේගොඩ පැවති විපක්ෂයේ ජන රැලියට සිය පක්ෂය සහභාගී නොවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, සජබ විසින් අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.
නුගේගොඩ රැලියට සහභාගිනොවිම පිළිබඳව දීර්ග පැහැදිලි කිරීමක් කළ මහේෂ් සේනානායක, තම පක්ෂයේ අරමුණ වන්නේ බලය ගන්නේ කෙසේ ද යන්න නොව රට කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම යැයි පැවසී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මහේෂ් පැවසුවේ සජිත් ප්‍රේමදාස යනු මීටර් සියය දුවනවා සේ දේශපාලනය නොකරන පුද්ගලයකු බවයි.




