එම පුවත්වාර්තාවේ සඳහන් පරිදි, පැරණි ඡායාරූප සහ වීඩියෝ විකෘති කිරීම් මෙන් ම ව්‍යාජ අර්ථකථන සැපයීම් මගින් එම ප්‍රචාර දියත් කිරීමට නියමිත ය.
පසුගිය දා නුගේගොඩ පැවැත්වූ රැළිය ඉලක්ක කර ගනිමින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය මෙන් ම, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා පුවරු ගලවා දැමීම සිදු කළ අතර, එවැනි තවත් සිදුවීම්වලට ඉඩ ඇති බව අනාවරණය වී ඇතැයි ද එම වෙබ් අඩවිය අනාවරණය කර සිටියි.
පසුගිය 21 දා නුගේගොඩ දී පවත්වන ලද දේශපාලන රැස්වීමේ දී ඉස්ලාම් ආගමික වතාවත් ඉටු කළ කුරුක්කල්වරයාට මරණ තර්ජන ඇති බවට ප්‍රචාරයක් ද කරමින් පවතින බවත් එවැනි තර්ජනයක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ දුරකතන අංක සහ වෙනත් සාක්ෂි ඉදිරිපත් කර මේ දක්වා පැමිණිලි කර නොමැති බවත් එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
මේ ආකාරයේ විවිධ ප්‍රචාරවලට නොරැවටී ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් රජය ගෙන යන ක්‍රියාමාර්ග සමඟ දැනුවත්ව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව එම වෙබ් අඩවිය වැඩි දුරටත් කියා සිටියි.




