The Leader News
BREAKING
Top Ad
පුවත්

මහවැලි ගංගා ද්‍රෝණියේ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

T

The Leader Desk

November 26, 2025 • 10:44 AM

මහවැලි ගංගා ද්‍රෝණියේ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව ද ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. adaderana.lk.
අකුරු ප්‍රමාණය (Font Size):


මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, නමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර අවදානම මතුව තිබේ.

තවද මඩකලපුව පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාගර්යද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව ද ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

adaderana.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහවැලි ගංගා ද්‍රෝණියේ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් | The Leader