The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ මහවිරු සුසාන භූමිවල සිංහල, මුස්ලිම්, බර්ගර් සටන්කාමීන්

T

The Leader Desk

November 26, 2025 • 5:12 PM

දෙමළ මහවිරු සුසාන භූමිවල සිංහල, මුස්ලිම්, බර්ගර් සටන්කාමීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
  • සිංහලයන් තුන් දෙනකුගේත්, එක් බර්ගර් ජාතිකයකුගේත්, මුස්ලිම් ජාතිකයන් හැට දෙනකුගේත් නම් සහිත එම ලැයිස්තුව පල කොට ඇත්තේ යාපනයේ මුද්‍රණය කෙරෙන 2025 නොවැම්බර් 23 වැනි ඉරිදා උදයන් පුවත්පතයි.
  • විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් සටන් වැද සිටියදී බර්ගර් ජාතික බර්නාඩ් එඩ්වඩ්ස්ටක් මරණයට පත්ව ඇත්තේ 1985 පෙබරවාරි 23 වැනි දිනයි.
  • සිංහල ජාතිකයන් වන මුදුන්කොටුව උඩුගමගේ හේමසිරි 1985 පෙබරවාරි 13 දිනත්, ගාමිණී ෆේබියන් අනස්ටීන් 1987 මැයි 04 දිනත් මාටින් සිල්වා ජෙයචන්ද්‍රන් 2007 වසරේ සැප්තැම්බර් 15 වැනි දිනත් මරණයට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

සිංහලයන් තුන් දෙනකුගේත්, එක් බර්ගර් ජාතිකයකුගේත්, මුස්ලිම් ජාතිකයන් හැට දෙනකුගේත් නම් සහිත එම ලැයිස්තුව පල කොට ඇත්තේ යාපනයේ මුද්‍රණය කෙරෙන 2025 නොවැම්බර් 23 වැනි ඉරිදා උදයන් පුවත්පතයි.

ldorkyp5

විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් සටන් වැද සිටියදී බර්ගර් ජාතික බර්නාඩ් එඩ්වඩ්ස්ටක් මරණයට පත්ව ඇත්තේ 1985 පෙබරවාරි 23 වැනි දිනයි.

සිංහල ජාතිකයන් වන මුදුන්කොටුව උඩුගමගේ හේමසිරි 1985 පෙබරවාරි 13 දිනත්, ගාමිණී ෆේබියන් අනස්ටීන් 1987 මැයි 04 දිනත් මාටින් සිල්වා ජෙයචන්ද්‍රන් 2007 වසරේ සැප්තැම්බර් 15 වැනි දිනත් මරණයට පත්ව ඇත.

‘රණම්’ නමින් හඳුන්වනු ලැබූ කුංජුබණ්ඩා රණසිංහ 1999 ඔක්තෝබර් 4 වැනිදා ද, මුහම්මදු හනිෆා මුහම්මදු හසන් 1987 අප්‍රේල් 20 වැනිදා  සටනින් මියගිය බව දැක්වෙන සොහොන් කොත් යුද හමුදාව විසින් විනාශ කර දැමු ආලන්කුලම් දෙමළ මහවිරු සුසාන භුමියේ ශේෂ වී තිබෙන ආකාරය 2017 දී සමාජ මාධ්‍ය ඔස්සේ පල වී තිබුණි.

dfty564| මුහම්මදු හනිෆා මුහම්මදු හසන් 1987 අප්‍රේල් 20 වැනිදා  සටනින් මියගිය බව දැක්වෙන සොහොන් කොත
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට බැඳී සටන් වැදී මියගිය මුස්ලිම් ජාතිකයන් හැට දෙදෙනාගේ නම් පහත පරිදි උදයන් පුවත්පත වාර්තා කර තිබේ. ඔවුන් අතුරින් 11 දෙනකුගේ නම් සඳහන්ව ඇත්තේ ඔවුන්ට LTTE සංවිධානයෙන් ලබා දුන් නම් වලිනි.

ජෙයා ජුනයිඩීන් (වීරවේංගෙයි රහීම්), අබ්දුල්කාදර් සාදික්, අබ්දුල්මනාෆ් මොහොමඩ් නසීම්, මොහොමඩ් අලියාර් මොහොමඩ් ලතීෆ්, අහමඩ්ලෙබ්බේ මොහොමඩ් හනීෆා, මොහොමඩ් අලීබා  මොහොමඩ් අසන්, බදුර්දීන් ඒ කුංජාන් (වීරවේංගෙයි සලීම් ), චන්ද්‍රයෝගු මරුතීන්, මොහොමඩ් නසීර්, කලීල් රහුමාන්, සරිෆුදීන් මොහොමඩ් සෆීර්, ජුනයිදීන්, සම්සුදීන් අබුල්හසන්, සේදුදාවිදු කාසීම්, සම්සුදීන් නසීර්, සේගු මොහොමඩ් සහබ්දීන්, නාහුර්තම්බි ෆායිස් ආදාම්ලෙබ්බේ, ජෙයාත් මොහොමඩ් හුසෙයිදීන්, ආදම්බාබා හසන්, ජෆාර් ජාෆීර්, මීරාසාහිපු කාලිදීන්, එස්.එම් ආදම්බාවා, නයිනා මොහොදීන් නියාස්, අහමඩ් රියාස්, අහමඩ් ලෙබ්බෙයි සෙෆ්ලදීන්, (වීරවේංගෙයි කමාල්), ( වීරවේංගෙයි ෆර්සාද්), මොහොමඩ් අලියාර් මොහොමඩ් සලීම්, මොහෙයිදීන් බාවා අන්සාරී, (වීරවේංගෙයි අන්වර්), (වීරවේංගෙයි කුබීර්), ස්මයිල්, කරීම් මුස්තාපා, මොහොමඩ් ඉලියාස්, අබ්දුල්කාදර් සම්සී, (වීරවේංගෙයි අර්ජුන්), කච්චු මොහොමඩ් ආබුල් සහන්, මොහොමඩ් රෆීක්, අබ්දුල්කාදර් සම්සුදීන්, ආබ්දීන් මොහොමඩ් යුසුෆ්, මාපිල්ලෙයි ලෙබ්බෙයි අස්වින්, (වීරවේංගෙයි නියාස්), මොහොමඩ් ඉස්කාක් කුප්සේක්අලී, ලෙබ්බෙයි තම්බි සෙයිනුරී, හනීෆා මොහොමඩ් රාසික්, හබුසාලි බුහාරි, අබ්දුල් නසාරී, මොහොමඩ් ඉස්මයිල් මන්සුරී, අබ්දුල් නජීම් කාසීම්දුලානි, යුසුෆ් ජාශ්‍රී, කැප්ටන් නසීර්, කාදර්මොහෙදීන් සරුදීන්, අබ්දුල්කරීම් කට්පවරූපවතී, අබ්දුල් රහුමාන් නිමල්, (වීරවේංගෙයි රවීස්), අබ්දුල් ජබාර් ගනේෂන්, මොහෙදීන් ජෙරීනා, කාදර් මොහෙදීන් නජීම්කාන්, මොහෙදීන්, (වීරවේංගෙයි අරුන්), (වීරවේංගෙයි හසීම් අසාද්).


එල්ටීටීඊ පාලනය යටතේ තිබු භුමිය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව අඩුම වශයෙන් මහවිරු සුසාන භූමි විසි පහක නංවා තිබූ 20,400කට වැඩි සොහොන් කොත් සහමුලින් විනාශ කර දැමීම නිසා පරිපූර්ණ නාම ලේඛනයක් සකස් කරගැනීමේ අසීරුව බිම් මට්ටමේ දෙමළ ක්‍රියාධාරීන් විසින් පෙන්වා දී තිබේ.


දෙමළ මහවිරු සුසාන භූමි පිළිබඳව රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් පහතින්

සමකය: උන්ගේ මළවුන් සහ අපේ මළවුන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...