The Leader News
BREAKING
Top Ad
පුවත්

බඩ ඉරිඟුවලට සහතික මිලක්

T

The Leader Desk

November 27, 2025 • 6:03 AM

බඩ ඉරිඟුවලට සහතික මිලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බඩඉරිඟු අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්,ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.
  • දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවද පෙන්වා දුන්නේය.
  • බඩ ඉරිඟු ගොවීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


බඩඉරිඟු අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්,ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.

දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවද පෙන්වා දුන්නේය.

බඩ ඉරිඟු ගොවීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ  (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කීය.

පිරිවැය අඩු කරමින් ගොවීන්ට වැඩි ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ අතර ඒ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

මෙහිදී ගොවීන් සඳහන් කළේ වෙළෙඳ පොළෙන් සහන මිලකට පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

වෙළෙඳ , වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තුෂාර වික්‍රමාරච්චි ඇතුලු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් හා බඩ ඉරිඟු ගොවීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

meeting 251127gover

govern2

govern 3

govern 4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...