The Leader News
BREAKING
Top Ad
පුවත්

අවසරයකින් තොරව සවිකළ පුරාවිද්‍යා දැන්වීම් පුවරු ඉවත් කළ පහකට ඇප

T

The Leader Desk

November 27, 2025 • 8:01 AM

අවසරයකින් තොරව සවිකළ පුරාවිද්‍යා දැන්වීම් පුවරු ඉවත් කළ පහකට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය දැඩි ලෙස කියා තිබුනේ රටේ ඕනෑම තැනක දැන්වීම් පුවරු සවි කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නීතියෙන් අයිතියක් ඇති බවයි.
  • එම පුවරු ස්ථාපිත කිරීම සදහා පුරාවිද්‍යා බලධාරීන් නිසි අනුමැතිය ඉල්ලීමට එකඟවීමෙන් අනතුරුව එකී පුවරු ඉවත් කළ ප්‍රාදේශීය සභාපති ඇතුළු පස් දෙනකු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප පිට නිදහස් කළ බවයි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පවසන්නේ.
  • එම පස්දෙනා අත්අඩංගුවට ගෙන උසාවි යැවීම සඳහා නීතියේ නිසි ප්‍රතිපාදන යොදාගෙන නැති බවද ඔවුන්ගේ නීතිඥවරුන් තර්ක කොට තිබේ.
  • ඒ විගස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 23 වැනිදා අවධාරණය කර තිබුනේ පුවරු සවි කිරීම සදහා පළාත් පාලන ආයතන වල අවසරයක් අවශ්‍ය නොමැති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රජය දැඩි ලෙස කියා තිබුනේ රටේ ඕනෑම තැනක දැන්වීම් පුවරු සවි කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නීතියෙන් අයිතියක් ඇති බවයි.

එම පුවරු ස්ථාපිත කිරීම සදහා පුරාවිද්‍යා බලධාරීන් නිසි අනුමැතිය ඉල්ලීමට එකඟවීමෙන් අනතුරුව එකී පුවරු ඉවත් කළ ප්‍රාදේශීය සභාපති ඇතුළු පස් දෙනකු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප පිට නිදහස් කළ බවයි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පවසන්නේ.

එම පස්දෙනා අත්අඩංගුවට ගෙන උසාවි යැවීම සඳහා නීතියේ නිසි ප්‍රතිපාදන යොදාගෙන නැති බවද ඔවුන්ගේ නීතිඥවරුන් තර්ක කොට තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වලච්චේන සහ පට්ටිපොළ පොලිස් බල ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යා දිශා පුවරු කිහිපයක් ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් ඉවත් කරන අයුරු ජනමාධ්‍ය විසින් පසුගියදා වාර්තා කර තිබුනි.

ඒ විගස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 23 වැනිදා අවධාරණය කර තිබුනේ පුවරු සවි කිරීම සදහා පළාත් පාලන ආයතන වල අවසරයක් අවශ්‍ය නොමැති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බවයි.

"මට දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පළාත් පාලන ආයතන වල කිසිදු අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ පුවරු ඉදි කරන්න. ඒක කාලාන්තරයක් තිස්සේ සිදු කරගෙන යන කටයුත්තක්," යැයි සිය මුහුණු පොතේ විශේෂ විඩියෝවක් නිකුත් කරමින් ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසා තිබුණි.

ඊට පසු දිනයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුව හමුවේ සපත කර සිටියේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නාම පුවරු සවි කිරීමට රජයට හැකියාවක් පවතින බවයි.

"පුරා විද්‍යා ස්ථාන සලකුණු කරන නාම පුවරු දීර්ඝ කාලයක් තිස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ඒවා. මේක රජයේ නීතිය. රජයට ඒ අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නාම පුවරුවක් භාවිත කිරීමට හැකියාව තිබෙනවා."

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් වසම් දෙකක සවිකර තිබු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාම පුවරු කිහිපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් කිහිපදෙනකු ද පාර්ලිමේන්තුවේ දී නම් කළ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔවුන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුනි.

ඒ අනුව නොවැම්බර් 24 වැනිදා වාලච්චේන පොලීසිය විසින් එම නාම පුවරු ඉවත් කිරීමට අදාලව එක් සැකකරුවකු  අත්අඩංගුවට ගන්නා ලද අතර නොවැම්බර් 25 වැනිදා ඔහු  වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන  අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් සොයමින් සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජිතයන් වන වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුන්දරලිංගම් සුදාකරන්, උප සභාපතිනිය වන කුලන්දවේල් පද්මනිදන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද සිවරාසා, සිදම්බරන් පිල්ලේ, ෂන්මුගනාදන් යන සිව් දෙනා ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුනි.

අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර සිටියේ මහ පාරේ බලාධිකාරිය එම මාර්ගය අයත් පළාත් පාලන ආයතනය සතු වන බවයි. 

"මහපාර කියන්නේ පොදු මාර්ගයක්. ඒ නිසා පොදු මහපාරේ බලාධිකාරය ඇත්තේ කාටද කියන එක නීතිය අනුව බැලුවොත්, ඒ ප්‍රාදේශීය සභාවට, ඒ පළාත් පාලන ආයතනයට තමයි ඒ අධිකාරිය පවරලා තියෙන්නේ. සභාපතිවරයා තමයි ඒ සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා. නීතියෙන් පවරලා තියෙන ඒ අධිකාරය හිමි තැනැත්තා ඒ අධිකාරියට යටත් වෙන දෙයක් ඉවත් කළා කියලා කිසිම අවස්ථාවක චෝදනාවක් නගන්න බෑ. ඒකට හේතුව තමයි, ඒ බෝඩ් එක නැතිනම් නාම පුවරුව සම්බන්ධ අධිකාරිය පළාත් පාලන ආයතනයට තමයි දීලා තියෙන්නේ. වෙන කාටවත් නෑ. ඒ නිසා, පළාත් පාලන ආයතනයේ බලය පාවිච්චි කරන බලධාරියා ඒ වැරැද්ද කළා කියලා කියන්නම බෑ."

පළාත් පාලන ආයතනය සතු බලාධිකාරිය අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර  එම පුවරු ස්ථාපිත කිරීම සදහා පුරාවිද්‍යා බලධාරීන් නිසි අනුමැතිය ඉල්ලා සිටියහොත් එය සලකා බැලීමට හැකි බවත්  අධිකරණයට දන්වා සිටි බවයි ජනාධිපති නීතිඥ සුමන්දිරන් පවසන්නේ.

"පළාත් පාලන ආයතනයේ අවසරය යටතේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසියම්ම හෝ දැන්වීම් පුවරුවක් දාන්න පුළුවන් කියලා පෙන්වා දුන්නට පස්සේ උසාවියේදී පුරාවිද්‍යා බලධාරීන් - ඒගොල්ලෝ තමයි පැමිණිල්ල දාලා තිබුනේ - නිසියාකාරව අවසර ඉල්ලන්න එකඟවුනා. ඒ අනුව, නිසි පරිදි අවසර ඉල්ලුවොත්, ඒකට සභාවේ අනුමැතිය ලැබුනොත් ඊට ප්‍රතිචාර වශයෙන් එම ඉදිකිරීම සඳහා අවසර ලබාදීම සලකා බලන්න අපි සුදානම් කිව්වට පස්සේ, නඩුව සමාදානයෙන් විසඳාගන්න පුළුවන් කියලා කිව්වා."

ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් වැඩි දුරටත් කියා සිටියේ වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අළුතින් සවි කළ නාම පුවරු ගලවා ඉවත් කළ  ප්‍රාදේශිය දේශපාලනඥයන් පස් දෙනා සාමාන්‍ය ඇප පිට නිදහස් කළ බවයි.

"ඒ වගේම චෝදනා ගොනු කිරීමේදී පොලිසිය සඳහන් කරන පනත්වල වගන්ති ඇප දෙන්න පුළුවන් වගන්ති කියන කාරණෙත් සැලකිල්ලට අරගෙන අධිකරණය පස්දෙනාම සාමාන්‍ය ඇප පිට නිදහස් කරන්න නියම කළා."

සැකකරුවන් පස්දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කොට  නඩුව ලබන 15 වැනි දින යළි කැඳවීමටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවය එදිනට සමථයකට එළැඹ සිටිනු ඇතැයි විශ්වාසය පල කොට තිබේ.

 

01 16
02 13

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවසරයකින් තොරව සවිකළ පුරාවිද්‍යා දැන්වීම් පුවරු ඉවත් කළ පහකට ඇප | The Leader