The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉම්රාන් ඛාන් කෝ ?

T

The Leader Desk

November 28, 2025 • 4:31 AM

 ඉම්රාන් ඛාන් කෝ ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ විමසීමට අයිතිය ඉල්ලා ඔවුහු විරෝධතාවේ නියැළුණහ.
  • ඔහුට එරෙහි දූෂණ චෝදනාවන්ට වසර 14ක සිර දඬුවම් හිමි විය.
  • තම දේශපාලන දිවිය අවහිර කිරීමට හමුදාව ඔහුට එරෙහි අභූත චෝදනා ගොනු කර ඇතැයි, ඛාන් පවසයි.
  • ඉකුත් 4 වන දා සිට කිසිවකු සිය නායකයා හැබැහින් නොදුටු බව, ඉම්රාන් ඛාන් නායකත්වය දෙන පී.ටී.අයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ විමසීමට අයිතිය ඉල්ලා ඔවුහු විරෝධතාවේ නියැළුණහ.  

ඉකුත් සති තුනක කාලය පුරා, ඛාන්ට පවුලේ කිසිවකු සහ නීතිඥයින් හමුවීම තහනම් කර තිබේ.

2023 අගෝස්තු මස සිට, ඔහු අඛණ්ඩ සිර දඬුවමේ පසුවේ. ඔහුට එරෙහි දූෂණ චෝදනාවන්ට වසර 14ක සිර දඬුවම් හිමි විය. තම දේශපාලන දිවිය අවහිර කිරීමට හමුදාව ඔහුට එරෙහි අභූත චෝදනා ගොනු කර ඇතැයි, ඛාන් පවසයි. හමුදා රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඉකුත් 4 වන දා සිට කිසිවකු සිය නායකයා හැබැහින් නොදුටු බව, ඉම්රාන් ඛාන් නායකත්වය දෙන පී.ටී.අයි. (PTI) පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, සුල්ෆිකාර් බුඛාරි  (Zulfikar Bukhari) පවසයි. ඛාන්ට  කිසිවකු හමුවීමට අවකාශ නොදෙන හේතුව බලධාරීන් විසින් අනාවරණය කර නැතැයි ද ඔහු කියා සිටී. හිටපු අග්‍රාමාත්‍යවරයකු බව සලකා වුව, ඔහු හට අත්‍යවශ්‍ය පුද්ගලයකු හමුවීම තබා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමද තහනම් කර තිබේ.

එම අනීතික හුදෙකලා කිරීම පිලිබඳ විරෝධය ප්‍රකාශ කරන බව, බුඛාරි කියා සිටී. ඛාන් ගේ පවුලේ සමීපතමයින්ට හෝ වහා ඔහු දැකීමට ඉඩ සලසන ලෙස, ඔහු රජයට බල කර සිටී.

ඛාන්ගේ පවුල් සාමාජිකයෝ සහ සමීපතමයෝ රාවල්පින්ඩි ( Rawalpindi) හි  ගැරිසන් (garrison) නගරයේ පිහිටි ඔහු සිරගත බන්ධනාගාරය ඉදිරිපිට ඉකුත් දින කිහිපය තුළම ඔහු දැකීමට ඉල්ලා විරෝධතාවේ නිරතව සිටියහ. ඊයේ (27) ඔවුහු යළි එහි පැමිණියහ.

මීට පෙර, බන්ධනාගාර පාලකයෝ අවම වශයෙන් සතියකට වරක් හෝ ඛාන්ට සිය ආධාරකරුවන් හමුවීමට අවස්ථාව  ලබා දුන්හ. අවශ්‍ය නම්, ඒ සියලු පහසුකම් අත්හිටුවීමට ඔවුන් සතුව නෛතික ප්‍රතිපාදන පවතී.

මේ වන විට, 73 වන වියෙහි පසුවන හිටපු  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා, සියලු ආගන්තුක හමුවීම් සීමා කරනුවස්, අධි ආරක්‍ෂිත බන්ධනාගාරයකට මාරු කර ඇතැයි සැක කරන බව, පාකිස්ථාන මාධ්‍ය පවසයි.  ඔහු පිලිබඳ කතා බහ මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. "ඉම්රාන් ඛාන් කෝ" යනුවෙන් එක්ස් (X) පණිවුඩ රැසක් හුවමාරු වෙමින් පවතී. එරට අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය, ඛාන් පිලිබඳ මුනිවත රකින්නේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍යයෙන් පසුවන බව, බන්ධනාගාර නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. අග්‍රාමාත්‍යවරයා වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යැවීමක් පිලිබඳ කිසිත් නොදන්නා බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

 2018 දීපාර්ලිමේන්තු ඡන්දයකින් ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය. හමුදා ප්‍රධානීන් හා ඇතිකරගත් විරසකයක් හේතුවෙන් 2022 දී ඔහු බලයෙන් පහ කෙරිණි. මිලියන 240ක ජනගහනයෙන් යුත් ඉස්ලාමීය රාජ්‍යයක් වන පාකිස්ථානයේ රාජ්‍ය පාලනයේ අධිකාරිබලය සහිත   අතිශය තීරණාත්මක සහ වැදගත් කාර්යභාරයක් එරට හමුදා ප්‍රධානීන්  සතුය.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
11/27 /2025
මුලාශ්‍රය :

Party of Pakistan ex-PM Imran Khan seeks prison visit over health concerns

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉම්රාන් ඛාන් කෝ ? | The Leader