ඒ හේතුවෙන්, ඉදිරි පැය 48ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට මහා ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.




