The Leader News
BREAKING
Top Ad
පුවත්

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

November 28, 2025 • 9:01 AM

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක් වූ විපක්ෂ නායකවරයා.
  • ගංවතුරට කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු පහසුකම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු යි.
  • ඒ අනුව කටයුතු කළොත් අවදානමට ලක්වුණ ජිවිත බේරා ගැනීමට පහසු යි.
  • ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක් වූ විපක්ෂ නායකවරයා...

අපි උපරිම සහයෝගය දෙනවා
 

මේ වන විට මරණ රැසක් වාර්තා වී තිබෙනවා. විශාල පිරිසක් අවතැන් වී සිටින අතර නිවාස සහ දේශපළ හානි රැසක් වාර්තා වෙනවා. තවත් පිරිසක් ගංවතුරට කොටු වෙලා. එම වැඩපිළිවෙළට සියලුම දෙනා එකතු විය යුතු යි. ජනතාව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශවලට, ආපදා කළමනාකරණ අංශවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි ඉක්මනින් ප්‍රතිපාදන ලබාදීම සිදුකළ යුතු යි. ගංවතුරට කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු පහසුකම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු යි. ඒ වගේ ම නාය යෑමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කළ යුතු යි. එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් අවදානමට ලක්වුණ ප්‍රදේශවල සිටින ජනතාවට රාජ්‍ය නිලධාරින් ලබාදෙන උපදෙන් පිළිපදින්න කටයුතු කළ යුතු යි.  ඒ අනුව කටයුතු කළොත් අවදානමට ලක්වුණ ජිවිත බේරා ගැනීමට පහසු යි.

අමතර මුදල් අවශ්‍ය නම් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න

රට පුරා විදුලිය බිඳ වැටීම් සිදුවෙමින් පවතිනවා. පස් කදු නාය යෑම් සිදුවෙනවා. මෙම තත්ත්වයන් යළි පිළිසකර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන, යන්ත්‍ර සූත්‍ර, ලබාදීමට කටයුතු කළ යුතු යි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යි. ඒ සඳහා විපක්ෂයෙන් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට අපි කැපවී සිටිනවා. 

 
එමෙන්ම අදාළ ආයතනවලට මුදල්‍ ප්‍රතිපාදන ලබාදීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව තිබෙනවානම් සුදුසු යි. එම මුදල් ප්‍රමාණය හැකි ඉක්මනින් ලබාදීම සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා. ව්‍යසන තත්ත්වයට ලක්වුණ පිරිස් වෙත සහන ලබාදීමට අමතර මුදලක් රජයට වැය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රජය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා සහාය ලබාදීමටත් අපි සුදානම්. මුදල් වෙන් කිරීමේදී එම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කඩිනමින් යැවීම ඉතාමත් වැදගත්. වෙන් කළ මුදල්වලින් අපදාවල ලක්වුණ ජනතාවට ලබාදීම ද වැදගත්.'' 



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න - සජිත් ප්‍රේමදාස | The Leader