The Leader News
BREAKING
Top Ad
පුවත්

කැලණි ගං නිම්නයේ අයට ජීවිත බේරා ගෙන වහා පිට වන්නැයි දන්වයි

T

The Leader Desk

November 28, 2025 • 2:44 PM

කැලණි ගං නිම්නයේ අයට ජීවිත බේරා ගෙන වහා පිට වන්නැයි දන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔබට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
  • මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කොට සලකා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂා පතනයක් ලැබෙමින් පවතී. එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජලප්‍රමාණ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණියේ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලයේ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය නැති බවට අනතුරු අඟවනු ලැබේ.

මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔබට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කොට සලකා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

(lankadeepa | අංජුල මහික වීරරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කැලණි ගං නිම්නයේ අයට ජීවිත බේරා ගෙන වහා පිට වන්නැයි දන්වයි | The Leader