The Leader News
BREAKING
Top Ad
පුවත්

කලාඔය බස් අනතුරේ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම බලන්න ජනපති හිමිදිරියේම ඇවිත්

T

The Leader Desk

November 29, 2025 • 3:34 AM

 කලාඔය බස් අනතුරේ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම බලන්න ජනපති හිමිදිරියේම ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ගුවන් හමුදා මෙහෙයුම් පිළිබදව ද ජනාධිපතිවරයා ගුවන් හමුදා මූලස්ථානයේදී අධීක්ෂණයට ලක් කර තිබිණ.
  • කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක් රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිටියදී එම බස් රථයෙන් බේරාගෙන අසල තිබූ නිවසක වහලය මත රඳවා සිටින මඟීන් පිරිස බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම්වල නිරත වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පැවසීය.
  • එම පිරිස බේරා ගැනීම සඳහා ඊයේ සවස එම ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල නිරත නාවික හමුදා පළමු මෙහෙයුම් කණ්ඩායම අනතුරට ලක් ව තිබූ අතර දැඩි වෙහෙසක් දරා එම කණ්ඩායම නාවික හමුදා නිලධාරීන් බේරා ගත් බවද නාවික හමුදාපතිවරයා පැවසුවේය.
  • ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ගුවන් හමුදා මෙහෙයුම් පිළිබදව ද ජනාධිපතිවරයා ගුවන් හමුදා මූලස්ථානයේදී අධීක්ෂණයට ලක් කර තිබිණ.



කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක්


රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිටියදී එම බස් රථයෙන් බේරාගෙන අසල තිබූ නිවසක වහලය මත රඳවා සිටින මඟීන් පිරිස බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම්වල නිරත වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පැවසීය.

එම පිරිස බේරා ගැනීම සඳහා ඊයේ සවස එම ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල නිරත නාවික හමුදා පළමු මෙහෙයුම් කණ්ඩායම අනතුරට ලක් ව තිබූ අතර දැඩි වෙහෙසක් දරා එම කණ්ඩායම නාවික හමුදා නිලධාරීන් බේරා ගත් බවද නාවික හමුදාපතිවරයා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ වෙන විට නාවික හමුදාවේ ක්ෂණික බල බලගනයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම්, විශේෂ යාත්‍රා බල ගණයේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යුද හමුදාවේද සහාය ඇතිව එම පිරිස වැඳී සිටින ගොඩනැගිල්ල වෙත ළඟා වෙමින් පවතින බවද පැවසූ නාවික හමුදාපතිවරයා කියා සිටියේ කලා ඔය අසල පවතින දැඩි රළු ජල පහර නාවික හමුදා ගලවා ගැනීම් කණ්ඩායම්වලට අභියෝගයක් බවත් කොපමණ අභියෝග පැමිණියත් එම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වන බවය.

එම නිවසෙහි ඉහළ මහල කොටසේ රැඳී සිටින එම මගින් පිරිස බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව ද නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමට සහාය ලබාදෙන බවද නාවික හමුදාපතිවරයා කීය.

එම බස් රථයේ සිටි මගින් පිරිස ගුවන් හමුදා මෙහෙයුම් කණ්ඩායම් විසින් එම බස් රථයෙන් මුදවා ගෙන අසල තිබූ ගොඩනැගිල්ලක් මතට රැගෙන යාමෙන් අනතුරුව එම කණ්ඩායම බේරා ගැනීමේ ඉදිරි මෙහෙයුම නාවික හමුදාව වෙත භාරදී තිබූ බවද කාංචන බානගොඩ කීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලාඔය බස් අනතුරේ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම බලන්න ජනපති හිමිදිරියේම ඇවිත් | The Leader