The Leader News
BREAKING
Top Ad
පුවත්

වැසි තත්ත්වය හෙට පහව යන ලකුණු

T

The Leader Desk

November 29, 2025 • 3:49 AM

 වැසි තත්ත්වය හෙට පහව යන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
  • එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම පද්ධතිය (දිට්වා) ඊයේ (28) දින ප.ව.
  • :30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බවය.
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ජනතාවට දැනුම්දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිට්වා සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම පද්ධතිය (දිට්වා) ඊයේ (28) දින ප.ව. 11:30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ජනතාවට දැනුම්දෙයි.

මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැසි තත්ත්වය හෙට පහව යන ලකුණු | The Leader