The Leader News
BREAKING
Top Ad
පුවත්

රටේ පවතින බරපතල විපත හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - පා.ම. ෆයිසර් මුස්තාපා

T

The Leader Desk

November 29, 2025 • 5:27 AM

  රටේ පවතින බරපතල විපත හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - පා.ම. ෆයිසර් මුස්තාපා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ පැවති එම සාකච්ඡාවේදී මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු යයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
  • එමෙන්ම බස්නාහිර පළාත තුළ වර්ධනය වෙමින් පවතින අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
  • ගරු ජනාධිපතිතුමනි, වර්තමානයේ අප රටට බලපා ඇති දරුණු ගංවතුර, නාය යෑම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වී තිබෙන ජාතික ආපදා තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ලබයි.
  • මෙමගින් මහජන ජීවිත, දේපළ සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට සිදුව ඇති හානිය අතිශය බරපතළ වන අතර, අතිවිශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවැනි අතිශය භයානක ස්වාභාවික විපතකදී, අදාළ ප්‍රතිචාර දැක්වීමේ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණින්, මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරයා විසින් අවධාරණය කරනු ලැබුවේ ඊයේ (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

WhatsApp Image 2025 11 29 at 8.25.56 AM 5

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ පැවති එම සාකච්ඡාවේදී මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු යයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු'යි ජනාධිපති අනුර කුමාර දිසානායක,  පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.

WhatsApp Image 2025 11 29 at 8.25.53 AM 4

 රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ. 

 
විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් කිසිදු බාධාවක් නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු මේ වන විට කැඳවා තිබෙන අතර, දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් පැවසීය.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට ළගා විය නොහැකි ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම වෙනුවෙන් අවශ්‍ය හෙලිකොප්ටර් යානා යොමු කර ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා  ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නම් හෙලිකොප්ටර් පහසුකම් ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ වන විට එකඟතාව පළ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

WhatsApp Image 2025 11 29 at 8.25.55 AM 4
ආරක්ෂිත කඳවුරු වෙත පැමිණ සිටින ජනතාව, තම නිවෙස්වල රැඳී සිටින ජනතාව සහ නිවාසවලින් පිට වෙනත් ස්ථානවල සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය  පිසු ආහාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම මේ වන විට සිදු කෙරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දිස්ත්‍රික්කවල සහන සේවා ළගා නොවන ස්ථාන තිබේ නම් ඒ පිළිබඳ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත තොරතුරු ලබා දෙන ලෙසද මහජන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම බස්නාහිර පළාත තුළ වර්ධනය වෙමින් පවතින අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තම දිස්ත්‍රික්කවල පවතින තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයෝ වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ඇතුළු අමාත්‍යාශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


WhatsApp Image 2025 11 29 at 8.25.55 AM 7ෆයිසර් මුස්තාපාගේ සිය යෝජනාව ලිඛිතව ම බාරදෙයි


රටේ පවතින බරපතල ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෙම සාකච්ජාවේදී අවධාරණය කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා සිය ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ලිඛිතවම ඉදිරිපත් කර තිබිණ.

එම ඉල්ලීමට අදාල ලිපිය මතු පළවේ.


ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන යෝජනාව

විෂය: රටේ පවතින උග්‍ර ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට බල කිරීම.


ගරු ජනාධිපතිතුමනි,

වර්තමානයේ අප රටට බලපා ඇති දරුණු ගංවතුර, නාය යෑම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වී තිබෙන ජාතික ආපදා තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ලබයි. මෙමගින් මහජන ජීවිත, දේපළ සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට සිදුව ඇති හානිය අතිශය බරපතළ වන අතර, අතිවිශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇත.

මෙවැනි අතිශය භයානක ස්වාභාවික විපතකදී, අදාළ ප්‍රතිචාර දැක්වීමේ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණින්, මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට මා මේ ලිපිය ඉදිරිපත් කරමි.


ස්වාභාවික විපතකදී හදිසි නීතියේ වැදගත්කම


සාමාන්‍යයෙන් හදිසි නීතිය සලකනු ලබන්නේ යුද්ධ හෝ ත්‍රස්තවාදී තත්ත්වයන් පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස වුවද, එහි නෛතික විෂය පථය ඊට වඩා පුළුල් ය. ජන ජීවිතයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක එය ප්‍රයෝජනයට ගත හැකි බව නීති විශාරදයන්ගේ මතයයි.

වත්මන් ස්වාභාවික විපතේදී හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වැදගත්කම් සහ ප්‍රතිලාභ පහත පරිදි වේ:


1.⁠ ⁠රාජ්‍ය යාන්ත්‍රණයට ලැබෙන ස්වාධීන බලය සහ කඩිනම් බව (Swift and Independent Action)

* චක්‍රලේඛ අභිබවා යාම: සාමාන්‍ය පරිපාලන නීති රීති, රෙගුලාසි සහ චක්‍රලේඛ හරස් කරමින් කටයුතු කිරීමේ විශේෂ බලය හදිසි නීති රෙගුලාසි යටතේ රාජ්‍ය නිලධාරීන්ට (දිස්ත්‍රික් ලේකම්වරු, ආපදා කළමනාකරණ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්) ලැබේ.

* කඩිනම් තීරණ ගැනීම: මෙහිදී සහන කටයුතු සඳහා සම්පත් (මුදල්, උපකරණ, ආහාර) වෙන් කිරීමේදී සහ බෙදා හැරීමේදී සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් මඟ හැර, ක්ෂණික තීරණ ගැනීමට නිලධාරීන්ට හැකි වේ.

* තනි අණදීම: ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ සහ සිවිල් පරිපාලන අංශ අතර ඵලදායී සම්බන්ධීකරණයක් ඇති කිරීමටත්, ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා තනි අණදීම් ව්‍යුහයක් (Single Command Structure) යටතේ ක්‍රියාත්මක වීමටත් හැකියාව ලැබේ.


2.  ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම (Protection of Lives and Property)


* අනිවාර්ය ඉවත් කිරීම්: අවදානම් කලාපවල සිටින ජනතාව ඔවුන්ගේ කැමැත්තට එරෙහිව වුවද, නීත්‍යානුකූල බලයක් සහිතව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට (Mandatory Evacuations) බලධාරීන්ට හැකියාව ලැබේ. සාමාන්‍ය නීතිය යටතේ මෙවැනි බලකිරීම් සඳහා ඇති හැකියාව සීමිතය.

* ⁠ආපදා වළක්වා ගැනීම: විපතට පත් ප්‍රදේශවලට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීමටත්, කොල්ලකෑම් හෝ වෙනත් සාපරාධී ක්‍රියා මැඬපැවැත්වීමටත් හදිසි නීතිය යටතේ පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පුළුල් බලතල හිමිවේ.


3.⁠ ⁠අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම (Maintaining Essential Services)

* සැපයුම් කළමනාකරණය: මාර්ග සහ ප්‍රවාහන සීමා කිරීම් ඉක්මනින් පැනවීමට සහ ඉවත් කිරීමට හැකි වීමෙන්, ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සැපයුම් විපතට පත් ප්‍රදේශ කරා කඩිනමින් බෙදා හැරීමට පහසුකම් සැලසේ.

* අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම: සෞඛ්‍ය, විදුලිය, ජලය සහ සන්නිවේදනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වීම වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සපයයි.


නෛතික පසුබිම සහ ඉල්ලීම

1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන අනුව, රටේ මහජන ආරක්ෂාව සහ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ගරු ජනාධිපතිතුමාට හිමි වේ. මෙම නීතිය යුද්ධයට හෝ කැරලි කෝලාහලවලට පමණක් සීමා නොවන බවට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර නීතියේද පිළිගැනීමක් ඇත.

ගරු ජනාධිපතිතුමනි,

මෙවැනි අභියෝගාත්මක මොහොතක, සාමාන්‍ය නීතියේ සීමාවන් තුළ කොටු වී, ජීවිත දහස් ගණනක් අන්ත අසරණ වීමට ඉඩ දීමෙන් අපට සිදුවන හානිය අතිවිශාලය.
එබැවින්, මිනිස් ජීවිත සුරැකීම, දේපළ ආරක්ෂා කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ස්වාධීන බලය ලබා දීම සඳහා, මෙම ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ අරමුණින් පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙම යෝජනාව පිළිබඳව ඔබතුමාගේ කඩිනම් සහ ධනාත්මක අවධානය අපේක්ෂා කරමි.

මෙයට,
නීතිඥ ෆයිසර් මුස්තාපා
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජනාධිපති නීතිඥ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටේ පවතින බරපතල විපත හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - පා.ම. ෆයිසර් මුස්තාපා | The Leader