The Leader News
BREAKING
Top Ad
පුවත්

රට පුරා හදිසි නීතිය පනවයි

T

The Leader Desk

November 29, 2025 • 8:14 AM

 රට පුරා හදිසි නීතිය පනවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස හදිසි නීතිය පනවා ඇත.
  • ඊයේ ( 28) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපති ලේකම් සනත් නන්දිත කුමානායක ගේ අත්සනින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වේ.
  • රටේ පවතින බරපතල ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගෙන් ඊයේ (28) ඉල්ලීමක් කළේය.
  • ඒ, ඊයේ (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස හදිසි නීතිය පනවා ඇත.

ඊයේ ( 28) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපති ලේකම් සනත් නන්දිත කුමානායක ගේ අත්සනින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වේ.

G65xRjWagAAoAl0

විපක්ෂයෙන් කළ ඉල්ලීමක් ...


රටේ පවතින බරපතල ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගෙන් ඊයේ (28) ඉල්ලීමක් කළේය.

ඒ, ඊයේ (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදීය.

රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.

මෙවැනි අතිශය භයානක ස්වාභාවික විපතකදී, අදාළ ප්‍රතිචාර දැක්වීමේ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණින්, මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් එහිදී අවධාරණය කළ අතර ඔහු එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණ.

සබැඳි පුවත :

රටේ පවතින බරපතල විපත හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - පා.ම. ෆයිසර් මුස්තාපා

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...