The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා සහන සලසන්න ආණ්ඩුවෙන් චක්‍ර ලේඛනයක් !

T

The Leader Desk

November 29, 2025 • 12:59 PM

ආපදා සහන සලසන්න ආණ්ඩුවෙන් චක්‍ර ලේඛනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදා වී ඇති හදිසි තත්ත්වය යටතේ පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට අදාලව භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අත් පොත - 2024 හි සඳහන් 3.1.8 අනුව කටයුතු කරන මෙන් එම නිවේදනය විසින් දැනුම්දී තිබේ.
  • ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ඉහත මාර්ගෝපදේශ සංග්‍රහයේ සහ අත් පොතෙහි 2.9 යටතේ දක්වා ඇති සීමාව වන රු මිලියන 50 ක් දක්වා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කිසිඳු බාධාවකින් තොරව කඩිනමින් සිදු කළ හැකි බව ප්‍රසම්පාදන කොමිෂම විසින් තමා වෙත දන්වා ඇතැයි භාණ්ඩාගාර ලේකම් පවසයි.
  • එම දැනුම්දීමේ නිවේදනයේ තවදුරටත් මෙසේ දැක්වේ.
  • ඉහත ඡේදයේ දක්වා ඇති පරිදි කටයුතු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට රු මිලියන 50 ක් දක්වා වැය කිරීමට හැකි වන පරිදි මූල්‍ය බලනල ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කඩිනමින් කටයුතු කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

උදා වී ඇති හදිසි තත්ත්වය යටතේ පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට අදාලව භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අත් පොත - 2024 හි සඳහන් 3.1.8 අනුව කටයුතු කරන මෙන් එම නිවේදනය විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ඉහත මාර්ගෝපදේශ සංග්‍රහයේ සහ අත් පොතෙහි 2.9 යටතේ දක්වා ඇති සීමාව වන රු මිලියන 50 ක් දක්වා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කිසිඳු බාධාවකින් තොරව කඩිනමින් සිදු කළ හැකි බව ප්‍රසම්පාදන කොමිෂම විසින් තමා වෙත දන්වා ඇතැයි භාණ්ඩාගාර ලේකම් පවසයි.

එම දැනුම්දීමේ නිවේදනයේ තවදුරටත් මෙසේ දැක්වේ.

ඉහත ඡේදයේ දක්වා ඇති පරිදි කටයුතු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට රු මිලියන 50 ක් දක්වා වැය කිරීමට හැකි වන පරිදි මූල්‍ය බලනල ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කඩිනමින් කටයුතු කළ යුතුය.

එයට අමතරව, ආපදාවට පත් වී ඇති ජනතාවට සහන සැලසීමට තවදුරටත් දැරිය යුතු වියදම් වේ නම්, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඒ පිළිබඳ අවශ්‍ය බැඳීම් ඇති කර ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ගැලපීම් සිදු කර දීම සඳහා නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයේ, ආපදා කළමනාකරණ අංශය මගින් මා වෙන දැනුම් දීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමි.

(මේ පිළිබඳව අවශ්‍ය පැහැදිලි කර ගැනීම් වේනම්, දුරකථන අංක 071-5348638 මගින් මහලේකම්, ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ දුරකථන අංක 071-8174116/071-6421698 මගින් අධ්‍යක්ෂ (ප්‍රතිපන්නී), ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසිය හැකි වේ.)

 

NBD Circular 05202 2025.11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...