The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිනිය සෘජුවම මෙහෙයුම්වලට මැදිහත්වෙයි

T

The Leader Desk

November 29, 2025 • 3:52 PM

අගමැතිනිය සෘජුවම මෙහෙයුම්වලට මැදිහත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉහළ බෝමිරිය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (29) පස්වරුවේ පැමිණියාය.
  • දේශපාලන අධිකාරියට සහ නිලධාරීන්ට අගමැතිවරියගෙන් ඉල්ලීමක් අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් අවශ්‍යතා සලසා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
  • අනතුරුව කොලොන්නාව ප්‍රදේශයේ ආපදා තත්ත්වය පිලිබඳ සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරයේ සහ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් වෙත පැමිණ එහි තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉහළ බෝමිරිය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ  සුවදුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (29) පස්වරුවේ පැමිණියාය.

එහිදී බෝමිරිය කනිටු විදුහලේ තාවකාලිකව නැවතීසිටින ජනතාව හමු වී  ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට අගමැතිවරිය කටයුතු කළාය.

අවතැන් වූ ජනතාව මේ වන විට මුහුණ දෙන  අඩුපාඩු පිළිබඳ සොයාබලමින්, ආහාර සනීපාරක්ෂක උපකරණ ඇතුළු අවශ්‍යතා කඩිනමින් ලබා දීමේ රජයේ වැඩ පිළිවෙළ පිලිබඳව සොයා බැලූ අග්‍රාමාත්‍යවරිය, ඇති වී තිබෙන ජාතික ව්‍යසනය අවබෝධ කර ගනිමින් අවතැන් පිරිස් වෙනුවෙන් සහන සලසමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන සියළු දෙනාට ස්තූතිය පුද කළාය.

දේශපාලන අධිකාරියට සහ නිලධාරීන්ට අගමැතිවරියගෙන් ඉල්ලීමක්

අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් අවශ්‍යතා සලසා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන්  සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ වන විටත් ඉහළ බෝමිරිය හා ඒ අවට  ගංවතුරෙන් අවතැන් වූ පවුල් සීයකට පමණ අයත් පුද්ගලයන් 320 ක පමණ ඉහළ බෝමිරිය කනිටු විදුහලේ නවාතැන් ගෙන සිටින අතර මෙම පිරිසේ අවශ්‍යතා පිළිබඳව සොයාබලමින් ඒවා ඉටුකර දීමට යුහුසුලුව කටයුතු කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සමග නගරසභා මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට සහභාගී විය.


අනතුරුව කොලොන්නාව  ප්‍රදේශයේ ආපදා තත්ත්වය පිලිබඳ සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරයේ සහ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් වෙත පැමිණ එහි තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කළාය.

කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩ පිළිවෙළ පිලිබඳවත්, ආහාර සහ සනීපාරක්ෂක උපකරණ කඩිනමින් ජනතාවට ලබා දීම පිලිබඳවත් විමසා සිටියාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන්වන එරංග ගුණසේකර, චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කොළඹ දිස්ත්‍රීක් ලේකම්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්,  නගරාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී විය

ftyr6754t
අද (29) පෙරවරු 09.00ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිල නිවේදනය අනුව ආපදාවට පත් පවුල් ගණන 103,000කට ආසන්න වී තිබූ අතර පස්වරු 02.00ට නිකුත් කළ නිල නිවේදනය අනුව එම පවුල් සංඛ්‍යාව 180,000කට ආසන්න වී තිබිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සවස නිකුත් කළ නිල නිවේදනය මතු පළවේ.

dty5645tt

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අගමැතිනිය සෘජුවම මෙහෙයුම්වලට මැදිහත්වෙයි | The Leader