සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි පවසයි.
ඒ අනුව රටපුරා ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 206ක් අවහිර වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පාලම් 10කට ද හානි සිදුව ඇති බව සඳහන් වේ.
එමෙන්ම නුවරඑළිය සහ අනුරාධපුරය නගර වෙත සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග මේ වන විට අවහිර වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි සඳහන් කළේය.
ආපදා මරණ 159ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයින් 203දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 8.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.
මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234,503ක පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.
එමෙන්ම පවුල් 34,198කට අදාළව පුද්ගලයින් 122,822දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 919ක රැඳී සිටී.





