සංගමයේ ප්‍රධාන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රටේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවශ්‍ය සහන කටයුතු සහ සේවා සැපයීම සඳහා සම්බන්ධීකරණ ව්‍යුහයක් ස්ථාපිත කර ඇත.
ආපදා කළමනාකරණයට සම්බන්ධ අනෙක් සියලු පාර්ශව සමග එක්ව ආපදා සහන සේවා වඩා කාර්යක්ෂමව සැපයීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්ව ඇති ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහය සහ අනෙකුත් සහන ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් විශේෂ දුරකතන අංකය ද අඛන්ඩව ක්‍රියාත්මක ය.
මේ එම දුරකතන අංකය යි. 0774 506 602
පවතින ආපදා තත්ත්වයේ වින්දිතයින් බවට ද පත්වෙමින්, සියලු දුෂ්කරතා මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් මෙම තීරණාත්මක මොහොතේ දී රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව අඛණ්ඩව කැපවී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කර සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආපදා කළමනාකරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වෙයි
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගංගා මිටියාවත ආශ්‍රිතව උද්ගත වෙමින් පවතින මහා ගංවතුර තත්ත්වය හමුවේ සිදුවිය හැකි සෞඛ්‍ය ආපදා කළමනාකරණ කිරීමේ සැලසුම සකස් කිරීම සඳහා කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ඊයේ (29) දිනයේදී කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්වින.
මේ සඳහා කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් සහ නිලධාරීන් පිරිසක්ද එක් විය.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි දින කීපයේදී ජනතාවට ඇතිවිය හැකි සෞඛ්‍ය ආපදා වලට මැදිහත් වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලද අතර එම ක්‍රියාවලිය සඳහා ඒකාබද්ධ කමිටුවක්ද පිහිටුවන ලදී.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ ජනතාවගේ හදිසි සහ සියලු සෞඛ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් අවශ්‍ය සියලු දායකත්වය ලබාදීමට සූදානම් බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙහිදී අවධාරණය කරන ලදී.






