සෙනසුරාදා (29) රාත්‍රී 8.00 පමණ වන විට එම පහසුකම් සක්‍රීය වූ අතර දැනට දින 03 ක් පුරා මහනුවර නගර සීමාව තුළ අඩපණවී ඇති ජල සැපයුම දින 03 ක් ඇතුලතදී ලබා දිය හැකි බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
මහනුවරදී ඊයේ (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරමින් පවසා සිටියේ මහනුවර නගර සීමාවේ අඩපණ වී ඇති ජල සැපයුම නැවත යවත්කාලීන කිරීම සඳහා යුද හමුදාවේ සහයද ලබාගෙන ඇති බවයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර නගරයේ ගැටඹේ ජල පොම්පාකාරය ඇතුළු සියලු ජල පොම්පාගාර එහි උපකරණද සමගින් ජලයෙන් යටවී ඇති බවත් ඒවා නැවත යතා තත්ත්වයට ගැනීම සඳහා යුධ හමුදාවේ සහයද ඇතිව කටයුතු කරන බවයි.
එම කාලය අතරතුර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා කරන ලෙසත් අවශ්‍ය ජලය ජල බවුසර් මගින් බෙදා හැරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකණන කමිටුව, මහනුවර දිස්ත්‍රික් කමිටු සභාපති කේ.ඩී.ලාල් කාන්ත සහ නිලධාරීන් ඊයේ දිනයේ දී රැස්වූහ.
මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ

මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගයේ 34 සහ 35 ,කිලෝමීටර් කණු ආසන්නයේ මාර්ගයට විශාල පස් කඳු කඩා වැටීmමාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
එම මාර්ගයේ පස්කඳු සහ ගල් ඉවත් කිරීමට යුද හමුදා නිලධාරින් සහ තෙල්දෙණිය ,උඩදුම්බර පොලිස්ස්ථාන වල නිලධාරින් සහන සේවකයන් හා එක්ව කටයුතු කරගෙන යයි.
මෙම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇණ හිට තිබෙන බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් කීය.
බොහෝ ජනතාව ඉතා දැඩි අපහසුතා මැද එම අනතුරුදායක මාර්ගයේ පයින් ගමන් කරති.
දළදා මාලිගාවෙන් විශාල සමාජ සත්කාරයක්

මේ අතර, මහනුවර ප්‍රදේශයේ ජල ගැනීම් වලින් සහ නායයාමෙන් විපතට පත් තැනැත්තන්ට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල ගේ අනුග්‍රහයෙන්bආහාර පාර්සල් විසි දහසකට වැඩි ප්‍රමාණයක් බෙදා දීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
පේරාදෙණිය සරසවියේ සංඝාරාමයේ කොටුවී සිටින භික්ෂූන් වහන්සේලාට දානය පිරිනැමීමද දළදා මාලිගාවෙන් සිදු කෙරිණි.
මීට අමතරව සරසවිය තුළ කොටුවි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000 (තුන් දහසකට) පමණ අවශ්‍ය ආහාර පාර්සල් ද මාලිගාවෙන් සපයා දීමට දියවඩන නිලමේ පියවර ගෙන ඇත.
මේ හැර මාලිගාව ඉදිරිපිට ඉදි කරන ලද විශේෂ කුටියක් මගින් නගරයේ ආහාර අවශ්‍ය කරන උදවියට ආහාර සැපයීම සඳහා දිවා රාත්‍රී විශේෂ මෙහෙවරක් ආරම්භ කර තිබේ.
නගරයේ ගංවතුර බැස යථා තත්වයට පත්වනතුරු මෙම සමාජ සත්කාරක වැඩසටහන ශ්‍රී දළදා මාලිගාව මූලික කරගෙන මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් සහ අනුශාසනා පරිදි පවත්වාගෙන යාමට දියවඩන නිලමේ වරයා කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තාවෙයි.


පාළුවට ගොස් ඇති මහනුවර නගරය




(ඡායාරූප- ජේ ඒ.එල් ජයසිංහ සමග චන්දන උඩුවාවල විසිනි)




