The Leader News
BREAKING
Top Ad
පුවත්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට - ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්

T

The Leader Desk

November 30, 2025 • 5:10 AM

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට - ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ විසින් එම දැනුම්දීම කර ඇත.
  • ඒ අනුව, කඩුවෙල - මාලබේ, අතුරුගිරිය - මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ.
  • අදාළ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ වැඩිදුරටත් සඳහන් කරයි.
  • කොළඹ පැති තවමත් යටවෙලා දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්, කැලණි ගඟේ ජල මට්ටම නොසිතූ ආකාරයට ඉහළ යෑමත් සමග, හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ වෙළඳ සැල්ද" අවට ගම්මාන රැසක්ද අද වන විටත් ජලයෙන් යටවී ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ විසින් එම දැනුම්දීම කර ඇත.

ඒ අනුව, කඩුවෙල - මාලබේ,  අතුරුගිරිය -  මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ.

අදාළ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ පැති තවමත් යටවෙලා

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්, කැලණි ගඟේ ජල මට්ටම නොසිතූ ආකාරයට ඉහළ යෑමත් සමග, හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ වෙළඳ සැල්ද" අවට ගම්මාන රැසක්ද අද වන විටත් ජලයෙන් යටවී ගොස් තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකවම වැඩිවීම නිසා සීතාවක, හෝමාගම, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක් ජලයෙන් යටවීමත් සමගම පීඩාවට පත් පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව ප්‍රාදේශීය ලේකම්වරු පැවැසූහ.

එම අවතැන් කඳවුරු සිටින පිරිස්වලට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ග්‍රාම නිලධාරිවරුන් මාර්ගයෙන් පිසූ ආහාර ලබාදීම සිදු කරනු ලැබීය.

වනහාගොඩ, හංවැල්ල, ආටිගල, කඩුවෙල, අඹතලේ යන ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර වනාගොඩ ප්‍රදේශයෙන් වසා දමා තිබුණි.

හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයද අද (30) දින පෙරවරු වන විටත් බොහෝ දුරට අඩුවී ගොස් තිබුණි.

සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 51 ක් ජල ගැලීමෙන් බලපෑමට ලක්වී තිබූ අතර, ජලයෙන් කොටුවී සිටි විශාල පිරිසක් බෝට්ටු මගින් ආරක්ෂ ස්ථාන කරා රැගෙන යෑමට හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද , යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් විසින් කටයුතු කරමින් තිබුණි.

හයිලෙවල් මාර්ගයේ කලුඅග්ගල, වනහාගොඩ, පහත්ගම, හංවැල්ල, සහ ආටිගල යන ප්‍රදේශවල ගංවතුර අඩුවීමක් අද  පෙරවරු වන විටත් දක්නට නොලැබුණි.

හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ පොලිස් බැරැක්ක සහ ආපදාවට පත් රථ වාහනද, සුළු පැමිණිලි අංශය, ජලයෙන් යටවී තිබෙන අයුරු  දැක ගැනීමට හැකි විය.

ජල ගැලීම හේතුවෙන් අවතැන්ව සහ පීඩාවට පත්ව සිටින බොහෝ පිරිසක් සිටින අවස්ථාවක, එම ජල ගැලීම නැරඹීමට හා විනෝද වීමට පැමිණ පිරිස් පාලනය කිරීමට හංවැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු දැක ගත හැකි විය.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාන ගතකර ඇති ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිළධාරීන්ද, ප්‍රාදේශීය ලේකම්වරයා සහ, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාද, කාර්යාලයේ නිලධාරීන්, සහ ග්‍රාම නිලධාරීන්ද සීතාවක සහ හංවැල්ල සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි ඇතුළු සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ද දිවා රාත්‍රී දෙකෙහිම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තම සේවය නොපිරිහෙළා ඉටු කරන අයුරු දැකගැනීමට හැකි විය.

flood 1flood 2flood 3
වැස්ස අඩු වුණත් නාය යාම් ඇති වීමේ දැඩි අවදානමක්

ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 203 දෙනෙකු අතුරුදන්ව ඇති බව ය.

"වැස්ස අඩු වුණත් තවදුරටත් නාය යාම් ඇති වීමට දැඩි අවදානමක් පවතිනවා. කඳු බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල භුමිය අස්ථිරයි. මේ නිසා දවස් 3ක් වගේ යන කම් නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශවලට යන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා." යයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසයි.

අද සිට වැසි අඩුවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

'දිට්වා' [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට කි.මී. 130ක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබුණු අතර මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුළ ඉන්දියාවේ තමිල් නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි වේ.

උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...