The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක් : ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සහය ඉල්ලයි

T

The Leader Desk

November 30, 2025 • 5:59 AM

ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක් : ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සහය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග ඊයේ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
  • මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ අතර එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද අවධානය යොමු කළේය.
  • එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමින් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග ඊයේ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ අතර එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද අවධානය යොමු කළේය.

එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමින් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

සංචාරක, ගුවන්තොටුපොළ, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු  පිළිබඳවද මෙහිදි ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර ආපදා තත්ත්වය පහව යාමත් සමග රට තුළ විදුලිබලය, පානීය ජල සැපයුම යථාවත් කිරීම මෙන්ම මහා මාර්ග, පාලම් ඇතුළු තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනයට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ  ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ  ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

aa k 1

 aa k 2

aa k 3

aa k 4

aa k 5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...