රේගුව හරහා ද්‍රව්‍යමය පරිත්‍යාග නිදහස් කර ගැනීමේ දී විවිධ බදු ගෙවීම්, තත්ත්ව පරීක්ෂණ, අවසර ලබා ගැනීම් වැනි දේ කඩිනමින් සිදු කරවා ගැනීම පිණිස ප්‍රධාන වශයෙන්ම බදු නිදහස් කිරීම් හා වගකිව යුතු ආයතන ඒකාබද්ධ යාන්ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක වෙමින් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ඒ අනුව මෙරටට ලැබෙන විදේශීය ආධාර බහුපාර්ශ්වීය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විදේශ ව්‍යාපාර සහ පුද්ගලයින් ලබා දෙන ආධාර ලෙස ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වෙන් කර හඳුනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා රජය විසින් මෙරටට කඩිනමින් අවශ්‍ය කරන භාණ්ඩ ලැයිස්තුවක් මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර, ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව ලබන්නා ලෙස ශ්‍රී ලංකා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නම් කළ යුතු අතර එසේ කළ විට එම භාණ්ඩ සඳහා රේගු බදු සහ එකතු කළ අගය මත බද්ද (VAT) නිදහස් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එමඟින් කාර්යක්ෂමව සහ විධිමත් ආකාරයට ද්‍රව්‍යමය ආධාර නිදහස් කර ගැනීමට හැකිවේ.
ද්‍රව්‍යමය ආධාර ලබන්නා ලෙස ශ්‍රී ලංකා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නම් නොකළහොත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බදු ගෙවා නිදහස් කර ගත යුතුවේ. ඒ අනුව පීඩාවට පත් ජනතාව වෙත එවන භාණ්ඩ ඔවුන් වෙත කාර්යක්ෂමව ලඟා කිරීම සඳහා පූර්ව සූදානමක් සහිතව, ශ්‍රී ලංකා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ලිපිනය ඇතුලු තොරතුරු ඇතුළත් මාර්ගෝපදේශ නිකුත් කරමින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
එහි සියලු සම්බන්ධීකරණ කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ විසින් සිදු කිරීමට නියමිතය.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ සහ රසල් අපොන්සු සහ ශ්‍රී ලංකා රේගුව ඇතුලු ආනයන අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
සබැඳි පුවත් :
විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක ප්‍රකාශයට පත්වේ
මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක්




