The Leader News
BREAKING
Top Ad
පුවත්

නුවරඑළිය ප්‍රකෘති තත්වයට ගන්නට මෙහෙයුම් ක්‍රියාත්මකයි - සංචාරකයන් ආරක්ෂිතයි

T

The Leader Desk

November 30, 2025 • 10:07 AM

නුවරඑළිය ප්‍රකෘති තත්වයට ගන්නට මෙහෙයුම් ක්‍රියාත්මකයි - සංචාරකයන් ආරක්ෂිතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.
  • වතුර සැපයුම් සියල්ල විනාශ වී ඇත.
  • ඒවා ප්‍රකෘති තත්වයට ගන්නට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
  • රෝහලට අවශ්‍ය ජල බවුසර සපයමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.

එම සටහන මතු පළවේ.

සන්නිවේදන පද්ධති බිඳවැටී, ප්‍රවාහන සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සියල්ල අඩාල වෙද්දි,  දිවා රෑ නොබලා පැය 24 විවෘතවූ නගරසභා සහන මධ්‍යස්ථානයේ වෙහෙසී කැපවුණු රාජ්‍ය සේවකයින්, ස්වේච්ඡා සේවයට ආ පුරවැසියන්, ව්‍යාපාරික ප්‍රජාව සහ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වී මිනිසුන් වෙනුවෙන් කැපවුණු දේශපාලඥයින්, හිටපු නගරාධිපතිවරුන් සියල්ලටම ස්තූතියි.

සන්නිවේදන ජාල බිඳවැටී මහාමාර්ග අවහිරවූ පසුබිමක කොල්ලො විපත් බලන්න ගියේ, තැනින් තැනට පණිවිඩ ගෙනගියේ බයිසිකල්වල. කෝල් එකකින් කරන්න තිබුණු හැමදේම වෙනුවෙන් බයිසිකල් වල දුවපු ඒ දරුවො කළ සේවය අමිලයි.

පිරිසිදු කිරීමේ කාර්යයන් තවමත් නොකඩවා සිදු කරන්නට මිනිස්සු දක්වන සහය අද්විතීයයි.

වතුර සැපයුම් සියල්ල විනාශ වී ඇත. ඒවා ප්‍රකෘති තත්වයට ගන්නට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

රෝහලට අවශ්‍ය ජල බවුසර සපයමින් සිටිනවා.

දිවා රෑ විවෘත වූ නගර සභාව තුළ ආහාර සහ තේ කෝප්පය පවා පිරිසිදුවට හොඳට මිනිසුන්ට ලබාදීම තවමත් සිදු කරනවා.

නුවරඑළිය සිනිසිටා නගරශාලාවේ අවතැන් කඳවුර බොහෝ පිරිසකට තවමත් සහනය සලසමින් ඇත.

නුවරඑළිය නගරසීමාව තුළ රැඳී සිටි සංචාරකයින් ආරක්ෂිතයි.

(නගරාධිපති නුවරඑළිය මහ නගර සභාව)

#nuwaraeliya #LetsRebuild #searchandrescue #floodrelief

(උපුටා ගැනීම - Upali Wanigasekara ගේ ෆේස්බුක් පිටුවෙන්. )

591479567 122107564641127603 3507051036597527431 n

 591964972 122107564191127603 1622922877010697997 n

591581029 122107564245127603 6689179376646038945 n

592690789 122107564557127603 9166020963001664741 n

591633561 122107564587127603 1287144229188802037 n

591549116 122107564737127603 4997318922475562215 n

592907530 122107564821127603 1688064400823765687 n

592742249 122107565217127603 1900705829675686908 n

591974170 122107565265127603 3874447941446035934 n

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නුවරඑළිය ප්‍රකෘති තත්වයට ගන්නට මෙහෙයුම් ක්‍රියාත්මකයි - සංචාරකයන් ආරක්ෂිතයි | The Leader