ඒ අතර, ඔවුන්ට ආහාර-පාන සැපයීමට ප්‍රජා මුළුතැන්ගෙවල්, වියළි ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ආදිය සැපයීමට ඒවා රැස්කිරීමේ ස්ථාන පිහිටුවා ගැනීම ආරම්භයේ සිට බොහෝ පියවර ජනතාව විසින් ගනු ලැබ ඇති ආකාරය නිරීක්ෂණය වේ.
ඊට අමතරව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇත.
මේ අතර මහ වැසි සහ අධික සුළං තත්ත්වය හමුවේ රටපුරා ආපදාවට ලක්ව සිටින ජනතාවට අවශ්‍ය වියලි අහාර, පානීය ජලය , ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය ඒකරාශී කරමින් තරුණ තරුණියන් දහස් ගණනක් මේවනවිට මහරගම යොවුන් මධ්‍යස්ථානයේ කඳවුරු බැඳ සිටි.
3පෝශ family යුබියුබ් මාධ්‍ය ජාලය හරහා දින කිහිපයකට පෙර සුළුවෙන් ඇරඹි මෙම ප්‍රජා සත්කාරක මෙහෙයුමට මේවනවිට අතිවිශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතින අතර එම සහනාධාර මනා ලෙස කළමනාකරණය කරමින් රටපුරා බෙදා හැරීමට විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවකගේ ද සක්‍රිය දායකත්වය ලැබී තිබේ.
තමන් කිසිවිටෙකත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බැංකු මුදල් ඒකරාශී නොකරන බව 3පෝශ family යුටියුබ් ජාලයේ සුදේශ් ප්‍රියාන් පවසයි.





