මෙලෙස මරණයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ වින්ඩ් කමාර්ඩ්ර් නිර්මාල් සියඹලාපිටිය නැමති ප්‍රධාන ගුවන් නියමුවා බව කියයි.
අදාල ගුවන් නියමුවා ඇතුළු පස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකෝප්ටර් යානයෙන් පිඩාවට පත්වු පිරිසට ආහාර රැගෙන එමින් සිටියදී මෙලෙස හෙලිකෝප්ටර් යානයෙ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ගිං ඔය ආසන්නයේ ගිං ඔය පාලම මතට ගොඩ බැමට යාමේදි මෙලෙස ගිං ඔයට වැටි තිබුනී.
කෙසේ වෙතත් ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය පිටතට පැන දිවි බේරා ගෙන තිබුණද බරපතල තත්වයේ සිටි ප්‍රධාන ගුවන් නියමුවා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සනාථ කළේය.
ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට ඊයේ (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියේය.
එලෙස ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පාලම මත ජනතාව රැඳී සිටීමත් සමග එය ව්‍යර්ථ වී ඇති අතර, ඒ හේතුවෙන් ආරක්ෂිත ගොඩබැස්වීමක් සිදුකිරීමට යාමේදී මෙම අනතුර සිදුවිය.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.




