The Leader News
BREAKING
Top Ad
පුවත්

කැලණි පන්සල අසල ගංවතුර වේල්ල ජල මට්ටමේ උපරිම මට්ටමට

T

The Leader Desk

December 1, 2025 • 4:14 AM

කැලණි පන්සල අසල ගංවතුර වේල්ල ජල මට්ටමේ උපරිම මට්ටමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
  • සූරියබණ්ඩාර පැවසුයේ, කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.
  • නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය.
  • තවදුරටත් එම ජල මට්ටමේම පවතින අතර ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වනවිට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර පැවසුයේ, කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.

නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි

ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය.

තවදුරටත් එම ජල මට්ටමේම පවතින අතර ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වනවිට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවය.

ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙස ගංවතුර වේල්ල ආසන්නයේ සිටින සියලුමදෙනාගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...