The Leader News
BREAKING
Top Ad
පුවත්

අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

T

The Leader Desk

December 1, 2025 • 6:04 AM

අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධික වර්ෂාවත් සමඟ සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවත්, මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් උද්ගත වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
  • ගුණසේකර මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
  • දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය, කවුඩුල්ල, දැදුරුඔය ජලාශ තවදුරටත් වාන්දමමින් තිබෙන බවත්, මේ නිසා එම ජලාශ ආශ්‍රිතව හටගත් ගංවතුර තත්ත්වයන් දෙසැම්බර් 01 පස්වරුවේ සිට අඩු වෙමින් යනු ඇති බවත් ගුණසේකර පෙන්වා දුන්නේය.
  • කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අධික වර්ෂාවත් සමඟ සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවත්, මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් උද්ගත වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ  (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය, කවුඩුල්ල, දැදුරුඔය ජලාශ තවදුරටත් වාන්දමමින් තිබෙන බවත්, මේ නිසා එම ජලාශ ආශ්‍රිතව හටගත් ගංවතුර තත්ත්වයන් දෙසැම්බර් 01 පස්වරුවේ සිට අඩු වෙමින් යනු ඇති බවත් ගුණසේකර පෙන්වා දුන්නේය.

 

කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

අත්තනගලු ඔය, මල්වතුඔය තවදුරටත් වාන් දමමින් පවතින බවත්, මහවැලි ගඟ, මහඔය ගංඟාව, කළු ගඟ ආශ්‍රිතව පවතින ජල ගැලීම් හෙට සිට අඩු වෙමින් පවතිනු ඇති බවත් සඳහන් කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර,  ඇලහැර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඇලහැර ප්‍රධාන අමුණ ආසන්නයේ ඇතිව තිබෙන හානි කඩිනමින් පිළිසකර කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් පෙන්වා දුන්නේය.  

දිවයිනට බලපෑ අධික වාර්ෂාව හේතුවෙන් සියලුම ජලාශවලට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත්, වාන් දොරටු උපරිම ලෙස විවෘත කරමින් ජලාශ ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව | The Leader