එම මානුෂිය ආධාර වැඩසටහන් සමග සම්බන්ධ වීමට ජනතාවටද අවස්ථාව උදාකර දී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් ''මනුසත් දෙරණ'' සහන ක්‍රියාන්විතය නැවතත් ආරම්භවී ඇත.
මෙම ක්‍රියාන්විතය සඳහා ඔබටත් වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් දායක විය හැකිය.
ඒ අනුව අංක 320 ටී.බී ජයා මාවත, කොළඹ 10 පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත හෝ අංක 45,6 අල්විස් පෙදෙස කොළඹ 3 පිහිටි Triad ආයතනය වෙත මෙම පරිත්‍යාගයන් කිරීමේ හැකියාව ඇත.
මේ සඳහා වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 070 10 10 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

මේ අතර හිරු මාධ්‍ය ජාලයද කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාන්විතය පෙරේදා (29) ආරම්භ කළේය.
රට වෙනුවෙන් හිරු - හිරු සහන යාත්‍රා මානුෂීය මෙහෙවර එම වැඩපිළිවෙළයි.
අවතැන් කඳවුරුවල දිවි ගෙවන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒම උදෙසා සෞඛ්‍ය කඳවුරු ක්‍රියාත්මක කිරීම මෙහි පළමු අදියර යටතේ සිදු කෙරේ.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන හිරු සහන යාත්‍රා මෙවරත් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සොයා පැමිණෙනු ඇත.
මේ සඳහාද දායක වීමට ජනතාවට අවස්ථාව උදාවී ඇත.

ඒ අතර ස්වර්ණවාහිනි ආයතනය ද ජනතාව වෙනුවෙන් පෙළගැසී ඇත.
සිරස ශක්ති සහන යාත්‍රා උඩු ගුවනින් ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා ආධාර රැගෙන යයි..
රට පුරා ක්‍රියාත්මක සහන සේවා කටයුතුවලට ශක්තියක් ලබා දෙමින්, සිරස ශක්ති සහන යාත්‍රාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා ආහාර සහ පිරිසිදු පානීය ජලය රැගෙන යාමේ පළමු ගුවන් මෙහෙයුම අද (1) උදෑසන ආරම්භ කළේ ය.
ඒ , දිස්ත්‍රික්ක 25ක් පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සහනාධාර රැගත් රථ වලට ඇතැම් ප්‍රදේශවලට ළඟා වීමට නොහැකි නිසාවෙනි.
සහන නිලධාරීන් පවසන්නේ ගුවන් යානයෙන් අත්‍යවශ්‍ය සලාක, පානීය ජලය සහ සනීපාරක්ෂක කට්ටල රැගෙන යන බවයි.
මාධ්‍ය ප්‍රමුඛ, සහන සේවා කණ්ඩායම් සහ ගුවන් හමුදාව අතර සහයෝගීතාවය භාණ්ඩ බෙදාහැරීම වේගවත් කරනවා මෙන්ම , ලොරි රථ සහ බෝට්ටුමගින් ළඟා විය නොහැකි දුරස්ථ ස්ථානවලට ළඟා වීමට හැකියාව පවතියි.
මහ වැසි සහ අධික සුළං තත්ත්වය හමුවේ රටපුරා ආපදාවට ලක්ව සිටින ජනතාවට අවශ්‍ය වියලි අහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය ඒකරාශී කරමින් තරුණ තරුණියන් දහස් ගණනක් මේවනවිට මහරගම යොවුන් මධ්‍යස්ථානයේ කඳවුරු බැඳ සිටි.
3පෝශ family ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා දින කිහිපයකට පෙර සුළුවෙන් ඇරඹි ප්‍රජා සත්කාරක මෙහෙයුමකට මේවනවිට අතිවිශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතින බවත් එම සහනාධාර මනා ලෙස කළමනාකරණය කරමින් රටපුරා බෙදා හැරීමට විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවකගේ ද සක්‍රිය දායකත්වය ලැබී ඇති බවත් ඔවුන් පවසයි.

විජේරාමෙන් ප්‍රජා මුළුතැන්ගෙයක්
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආහාර පිසීමේ කටයුතු සිදුකරන විජේරාමේ ප්‍රජා මුළුතැන්ගෙය (Community Kitchen) වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන ලෙස එහි සංවිධායකයන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය 27 වැනිදා සිට මේ දක්වා, ශ්‍රී ලංකා ආපදා සහනමධ්‍යස්ථානය ද ක්‍රියාත්මක වන්නේ මෙම ස්ථානයේමය. රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, ගලවාගැනීමේ කණ්ඩායම් ඇතුළු බොහෝ අංශයන්ගේ සම්බන්ධීකරණයෙන් මෙහි කටයුතු සාර්ථකව සිදු කෙරෙන අතර මෙම ප්‍රජා මුළුතැන්ගෙය හරහා විපතට පත් ජනතාවට සහ සහන සේවා කණ්ඩායම්වලට අඛණ්ඩව ආහාර සැපයීම් සිදු කරමින් සිටියි.





