The Leader News
BREAKING
Top Ad
පුවත්

බිඳ වැටුණු රට ගොඩනගන්න සජිත් ජපාන රජයෙන් සහාය ඉල්ලයි

T

The Leader Desk

December 1, 2025 • 7:28 AM

බිඳ වැටුණු රට ගොඩනගන්න සජිත් ජපාන රජයෙන් සහාය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
  • එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මෙවැනි ආපදාවලට මුහුණ දෙන විට දීර්ඝ කාලීන මිතුරකු ලෙස ජපානය ශ්‍රී ලංකාව තනි නොකළ සේ මෙවර ද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේ.
  • විශේෂයෙන් බිඳ වැටුණු මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
  • පුළුල් යටිතල පහසුකම් බිඳවැටීම, දැවැන්ත ජීවනෝපාය අහිමිවීම්, අවතැන්වීම් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි බරපතල හිඟයන් ඇතුළු මේ මහා විනාශයේ පරිමාණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තානාපතිවරයාට පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහි දී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජපානයෙන් සහන සේවා කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කිරීමට ද කටයුතු කළේය.

එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මෙවැනි ආපදාවලට මුහුණ දෙන විට දීර්ඝ කාලීන මිතුරකු ලෙස ජපානය ශ්‍රී ලංකාව තනි නොකළ සේ මෙවර ද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේ.

 

WhatsApp Image 2025 12 01 at 12.38.02 PM

විශේෂයෙන් බිඳ වැටුණු මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 WhatsApp Image 2025 12 01 at 12.38.03 PM

 

පුළුල් යටිතල පහසුකම් බිඳවැටීම, දැවැන්ත ජීවනෝපාය අහිමිවීම්, අවතැන්වීම් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි බරපතල හිඟයන් ඇතුළු මේ මහා විනාශයේ පරිමාණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තානාපතිවරයාට පැහැදිලි කළේය. ප්‍රධාන රෝහල්වලට තවමත් ජලය නොමැති බවත් පෙන්වා දුන් අතර ආපදාවෙන් පසුව ඇති වන වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට එය බාධාවක් බව ද පැවසීය. ශ්‍රී ලංකාවට එබැවින් මේ අවස්ථාවේ ජපානයේ සහාය දැඩි ලෙස අවශ්‍ය බව විපක්ෂ නායකවරයා අවධාරණය කළ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී මානුෂීය ආධාර තීව්‍ර කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සියලුම දේශීය හා ජාත්‍යන්තර සහන වෙනස්කම් කිරීමකින් තොරව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට ළඟා වන බව සහතික කිරීම සඳහා විනිවිද පෙනෙන, වගකිවයුතු සහ දේශපාලනීකරණය නොකළ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී  අවධාරනය කළේය.


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...