The Leader News
BREAKING
Top Ad
පුවත්

විපතට පත් ජනතාවට සහන සලසන්න - විපක්ෂ නායක කොරියානු රජයෙන් ඉල්ලයි

T

The Leader Desk

December 1, 2025 • 12:17 PM

විපතට පත් ජනතාවට සහන සලසන්න - විපක්ෂ නායක කොරියානු රජයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකේය ජනතාවට කඩිනම් සහන ලබාගැනීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම හමුව සිදු කළ අතර එහිදී ආපදා තත්ත්වයෙන් විපත පත් ජනතාවට සහන සැලසීමට ආධාර කරන ලෙස විපක්ෂ නායකවරයා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියා.
  • ශ්‍රී ලංකා ජනතාවගේ දීර්ඝ කාලීන සමීප මිතුරකු ලෙස කොරියානු ජනරජය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදුන්නා සේම, මේ අවස්ථාවේ දී රටක් ලෙස යළි නැගී සිටීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකේය ජනතාවට කඩිනම් සහන ලබාගැනීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම හමුව සිදු කළ අතර එහිදී ආපදා තත්ත්වයෙන් විපත පත් ජනතාවට සහන සැලසීමට ආධාර කරන ලෙස විපක්ෂ නායකවරයා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියා.

ගංවතුර බැසයාමෙන් පසුව ඇති වන සෞඛ්‍ය ගැටළු සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, රෝහල් රැසක කටයුතු අඩපණ වීමත්, දුම්රිය මාර්ග සහ මහා මාර්ග හානිවීම නිසා ප්‍රවාහන කටයුතු බිඳ වැටීම නිසා ඒවා නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව පෙන්වාදී දුන් සජිත් ප්‍රේමදාස ඒ සඳහා හැකි සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා ජනතාවගේ දීර්ඝ කාලීන සමීප මිතුරකු ලෙස කොරියානු ජනරජය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදුන්නා සේම, මේ අවස්ථාවේ දී රටක් ලෙස යළි නැගී සිටීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

ditwah SP

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විපතට පත් ජනතාවට සහන සලසන්න - විපක්ෂ නායක කොරියානු රජයෙන් ඉල්ලයි | The Leader