එහි දී සියලු ජන කොටස් ජාතික ආගමික හෝ දේශපාලන භේදයකින් තොරව එක් විය යුතු බවත්, එසේ නොවුනහොත් එහි ප්‍රති විපාක ඊළඟ පරපුරට ද දැරීමට සිදු වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරය මෙලෙස සඳහන් කරන්නේ මාධය නිවේදනයක් නිකුත් කරමිනි
'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ' නායක නායක කරු ජයසූරිය ගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් කරන්නේ මෙම ජල ගැල්මෙන්, නාය යෑම්වලින් සහ සුළඟින් සිදු වූ ජීවිත සහ දේපළ විනාශය මෙන්ම බොහෝ දෙනකුගේ ජීවනෝපායට ද මෙයින් විශාල හානි සිදු වී ඇති බවයි.
ගොවි, ධීවර ,කම්කරු, වෘත්තික, ව්‍යාපාරික ආදී සෑම ක්ෂේත්‍රයකට ම මෙහි ආදීනව බලපානු ඇති බවත්, මෙයින් මිදීම සඳහා දීර්ඝ කාලීනව එකඟත්වයෙන් යුතුව සැලැස්මක් සැකසිය යුතු අතර ම ඉතාමත්ම හදිසි කටයුත්තක් විය යුත්තේ පීඩාවට පත් ජනතාවට හැකිතාක් දුරට ආහාරවලින් පෝෂිත කිරීම බවත්, මෙවැනි වසංගතයකට පසු ඇතිවන රෝග පීඩාදියෙන් ජනතාව මුදා ගත යුතු බවයි.
මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.




