The Leader News
BREAKING
Top Ad
පුවත්

රට යළි ගොඩනගන අරමුදලේ කළමනාකරණ කමිටුවට කැබිනට් අනුමැතිය

T

The Leader Desk

December 1, 2025 • 5:34 PM

රට යළි ගොඩනගන අරමුදලේ කළමනාකරණ කමිටුවට කැබිනට් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
  • මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.
  • කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.
  • අපොන්සු කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

සෙසු සාමාජිකයන් ලෙස,

Rebuilding Sri Lanka

F විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,

F මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,

F ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,

F විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න,

F හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,

F ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,

F එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,

F බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,

F LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර කටයුතු කරති.


අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වේ.


මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලුම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත.

මේ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කළ හැකිය.
 
01. Account Name: Deputy Secretary to the Treasury

Account Number: 2026450
Bank: Bank of Ceylon
Taprobane branch
Swift code : BCEYLKLX
 
ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.
 
විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:
 
  1. US Dollar (USD)
    Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 04015541
    Routing Number: 021001033
    SWIFT: BKTRUS33XXX
     
  2. Euro (EUR)
    Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 0000739854
    IBAN: DE39500202000000739854
    SWIFT: BHFBDEFF500
     
  3. Pound Sterling (GBP) – Account 1
    Bank: HSBC Bank Plc, London, UK
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 39600144
    Sort Code: 40-05-15
    IBAN: GB48MIDL40051539600144
    SWIFT: MIDLGB22XXX
     
  4. Pound Sterling (GBP) – Account 2
    Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 88001249
    Sort Code: 40-50-56
    IBAN: GB89BCEY40505688001249
    SWIFT: BCEYGB2LXXX
     
  5. Japanese Yen (JPY)
    Bank: MUFG Bank, Tokyo, Japan
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 653-0407895
    SWIFT: BOTKJPJTXXX
     
  6. Australian Dollar (AUD)
    Bank: Reserve Bank of Australia
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 81736-4
    BSB: 092002
    SWIFT: RSBKAU2SXXX

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...