The Leader News
BREAKING
Top Ad
පුවත්

ආහාර ද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ ඉහල දැමීම හා සැඟවීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග !

T

The Leader Desk

December 1, 2025 • 6:10 PM

ආහාර ද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ ඉහල දැමීම හා සැඟවීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී සිටියි.
  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • දැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත.
  • මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීති විරෝධී වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී සිටියි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, බී.කේ.ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව අවධාරණය කර සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

දැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීති විරෝධී වේ.

ශ්‍රී ලාංකීය ප්‍රජාව ලෙස එකමුතුවෙන් ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතු මෙම අවස්ථාවේදී, පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිණීමෙන් අයහපත් ලාභයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධි ක්‍රියාවකි.

එම නිසා, වත්මන් අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සගවා තබා ගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි.

සියලුම වෙළඳුන් උපරිම සිල්ලර මිල සටහන් භාණ්ඩ එම මිලට ද, අනෙකුත් භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරමින්, සෑම පුරවැසියෙකුටම පාරිභෝගික භාණ්ඩ අඛණ්ඩව ලබාදීම තහවුරු කල යුතු වේ.

r6365rt

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...