The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු !

T

The Leader Desk

December 1, 2025 • 6:31 PM

ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
  • ඒ අනුව මෙම සිද්ධියද පාස්කු ඉරු දින ප්‍රහාරයට සමාන බව ඔහු සඳහන් කළේය.
  • මෙම විනාශය පිළිබඳව කාලගුණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කල්තියා ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආණ්ඩුව ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකර තිබුණේ නම් මේ තරම් විනාශයක් නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
  • බොහෝ ජලාශවල වාන් දොරටු හිතුමතේ එකවර විවෘත කිරීම හේතුවෙන් ආපදාව වඩාත් භයානක තැනකට ගිය බවද ඔහු පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.

ඒ අනුව මෙම සිද්ධියද පාස්කු ඉරු දින ප්‍රහාරයට සමාන බව ඔහු සඳහන් කළේය.

u6t7u56756i

මෙම විනාශය පිළිබඳව කාලගුණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කල්තියා ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආණ්ඩුව ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකර තිබුණේ නම් මේ තරම් විනාශයක් නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බොහෝ ජලාශවල වාන් දොරටු හිතුමතේ එකවර විවෘත කිරීම හේතුවෙන් ආපදාව වඩාත් භයානක තැනකට ගිය බවද ඔහු පැවසුවේය.


වාන් දොරටු ක්‍රම ක්‍රමයෙන් විවෘත කළා නම් 75%කගේ ජීවිත බේරගන්න තිබුණා - කබීර් හෂීම්

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, නොවැම්බර් 11 වැනිදා සහ 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන මෙම හදිසි ආපදා තත්ත්වය පිළිබඳව කලින් දැනුම් දී තිබියදී අවශ්‍ය පුර්ව ක්‍රියාමාර්ග ගත්තා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත් 75% කගේ පමණ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබුණු බවත් ය.

ඔහු කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා,

ගරු කතානායකතුමනි,

නොවැම්බර් 11 වැනිදා සහ 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මේ ගැන අනතුරු ඇඟවීමක් කළා. විශාල විනාශයක් වෙන්න පුළුවන් කියලත් කිව්වා. නමුත් මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ.

දැනුත් ආණ්ඩුව කරන්න හදන්නේ ඒක. දැනුත් කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ. සාකච්ඡා කරලා අදහස් උපයෝගී කරගෙන එවැනි තත්ත්වයන් පිළිබඳව කතාබහ කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉඩ දෙන්නේ නැහැ.

සාකච්ඡා කරලා අදහස් උපයෝගී කරගෙන එවැනි තත්ත්වයන් පිළිබඳව කතාබහ කරලා අවශ්‍ය විනාශයන් වළක්වගන්න පුළුවන්.නමුත් එහෙම කරන්නේ නෑ.


දැන් මේ ජලාශවල වාන් දොරටු එක පාරට ඇරපු නිසා හුඟාක් තැන් යටවුණා. ජලාශවල වාන් දොරටු මේ අනතුරු ඇඟවීම දුන්නු දවසේ ඉඳලා ජලාශවල වාන් දොරටු ක්‍රම ක්‍රමයෙන් තමයි විවෘත කරන්න තිබුණේ. නමුත් එක පාරටම විවෘත කිරීම නිසා හුඟක් තැන් යට වුණා. විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු එක පාරටම ඇරපු නිසා විශාල පිරිසකට ප්‍රශ්න ඇතිවුණා.


මේ මියගිය අයගෙන් සීයයට 75කගේ පමණ ජීවිත බේරා ගන්න තිබුණා මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් වාන් දොරටු විවෘත කරා නම් එහෙම කරේ නෑ .

ඒක නිසා ආණ්ඩුවට කියනවා නිසි වෙලාවට පියවර නොගත් නිසා විශාල විනාශයක් වෙලා තියෙනවා කියලා .ඒ නිසා දැන්වත් ඉදිරියට හරි විදියට කටයුතු කරන්න. මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ දෙන්න. මෙවැනි දේවල් නැවත ඇති නොවෙන්න සාකච්ඡා කරන්න කියලා අපි ආණ්ඩුවට කියා සිටිනවා '' යනුවෙන්ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
සබැඳි ලිපියක් :

පළමු රතු නිවේදනය !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු ! | The Leader